(රෝෂන් තුෂාර)
ඡන්ද හිමි නාමලේඛනය සඳහා නම ඇතුළත් කිරීමට රුපියල් දස දහසක අල්ලසක් ගත්තේ යැයි කියන හම්බන්තොට සමෝදාගම ග්‍රාම නිලධාරීවරයා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(13) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගත කරන ලද්දේ සුසන්ත උදය කුමාර නමැති පුද්ගලයෙකි.
සැකකරු හම්බන්තොට සමෝදාගම අලුතින් පදිංචියට පැමිණි පුද්ගලයෙකුගේ නිවසට විදුලි බලය ලබා ගැනීම සඳහා ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට රුපියල් පහළොස් දහසක අල්ලසක් ඉල්ලා දස දහසක් ලබාගන්නා අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
විරාජ් මදුශංක නැමැති පුද්ගලයාගෙන් මෙම අල්ලස් මුදල පසුගිය 01 දින ලබාගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවීමෙන් පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා සිය සේවා දායකයා අදාළ චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බවට දන්වා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් පසුව ලබන 27 දක්වා බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද නාමලේඛනයට නම දාන්න අල්ලස් ගත් ග්‍රාමසේවක රිමාන්ඩ්