
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් ගම්බිම් බලා යාමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසකට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙන් ඔවුන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනු දක්නට ලැබුණි.
සාමාන්‍ය කාලසටහන් වලට අනුව බස් රථ යොදවා තිබුණාත් විශාල ජනතාවක් පැමිණීම හේතුවෙන් ඔවුන්ට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙන් මෙම තදබදය හටගෙන ඇතැයි පැවසේ.
ඇතැම් මගීන් පැය ගණනක් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණු අතර මොණරාගල , අම්පාර, ඇඹිලිපිටිය , බදුල්ල ,කතරගම ඇතුළු දුර බැහැර ප්‍රදේශ වලට ගමන් කිරීම සදහා බස් රථවල දැඩි ප්‍රමාදයක් දක්නට ලැබිණි.

COMMENTS
කෝ මේ ප්‍රවාහනය භාර ඇමැතියයි, රාජ්‍ය නිලධාරිනුයි? මොවුන්ට මෙවැනි අවස්ථාවක්වත් කළමනාකරණය කරගන්න බැරි හැටි...?
බස් 1500 ක් ඡන්දේ වැඩ වලට ගත්තාම විදේශ දුම්රිය සේවා වලට යන මිනිස්සු දැනගන්න ඕනෑ නේ වැරැද්ද එම දේවල් කලින් දන්නලා තිබ්බාද කියන එක
ප්‍රවාහන ඇමතිගේ කයිවාරුව විතරයි.
ඔය නාකි මයිනා හදාපු හයිවේ එකේ ගියාට කමක් නෑ. පැත්ත කියන උපකරණෙට ඡන්දෙ දෙන්න ඕනෑ. එච්චරයි.
අද බොහෝ දෙනා රැකියා සඳහා ගමින් පිට නගරබදව ජීවත් වෙනවා. මේ අයට ඡන්දය දැමීමට තමන් ජීවත්වෙන ප්‍රදේශයේම ඉඩ සැලැස්වීම හෝ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ නිදහස ලබාදීමෙන් මේ මිනිසුන්ට සිදුවන හිරිහැරය සහ වියදම අවම කරගත හැකියි...