(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කළේය.

අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය ගණන් කිරීම නිරීක්ෂණය කිරීම සඳහා නියෝජිතයන් තිදෙනකු නම් කිරීමට අවස්ථාව  ලබාදුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා ද ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඩිලාන් පෙරේරා මහතා ද අනුර දිසානායක මහතා වෙනුවෙන් විජිත හේරත් මහතා ද  නිරීක්ෂණය සඳහා නම් කෙරිණි.