
(රෝෂන් තුෂාර)
ජනාධිපති අපේක්ෂකයින්ට බහින්බස් වී පුද්ගලික රෝහලක ආහාර පරීක්ෂකවරයකුගේ දතක් ගැලවෙන්නට පහර දුන් එම රෝහලේ අරක්කැමියකුට දැඩි අවවාද කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදා හැදැරීමට අද (28) නියෝග කළේය.
පසුගිය විසිවෙනි දින උදෑසන රාජකාරී නිමව යමින් සිටි ආහාර පරීක්ෂකවරයා ඔහු කැමති අපෙක්ෂකයා ඡන්දය දෙන බවට පැවසීමෙන් උරන වු සැකකාර අරක්කැමියා පැමිණිලිකරුට මුහුණට අතින් පහර දිමෙන් ඔහුගේ දතක් ගැලවියාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව නාරහෙන්පිට පොලිසියට පැවසීය.
විවෘත අධිකරණයෙදි පැමිණිලිකරු හා විත්තිකරු ඇමතූ මහේස්ත්‍රාත්වරයා ඡන්දයට ගහ මරා ගැනීමෙන් සිදුවිය හැකි අනිටු විපාක පෙන්වා දෙමින් ප්‍රකාශ කර සිටියේ, ' ඡන්දය නිදහස් සහ රහස් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ යුතු බවත්,ව්‍යවස්ථාවෙන් දී ඇති වරප්‍රසාද ප්‍රකාරව එය භාවිත කිරීමට වග බලා ගන්නා ලෙසත්ය. නැවත මෙවැනි සාමය කඩකිරීම් සිදුකර නොගන්නා ලෙසත් දැඩිව අවවාද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනම් දඩයක් නියම කරන්න තිබුනේ පහර කෑමට ලක්වූ කෙනාට තමයි මොකද මාලිමාව වෙනුවෙන් ගම්වල සංවිධාන කටයුතු අය වගේ ඡන්දය දෙන්න කියලා බලපෑම් කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ කොහොම වුනත් දෙදෙනාටම අවවාද කිරීම අගය කරන්න ඕනෑ..