
(සුජිත් හේවාජුලිගේ)
මෙවර ජනාධිපතිවරණය තීරණාත්මක එකක්වීම හේතුවෙන් ඡන්ද ඔට්ටු ඇල්ලීමද පෙර නොවූ විරූ ලෙස වැඩිවී ඇතැයි වාර්තාවේ.
සමහරුන් ගේදොර ඉඩ කඩම් වාහන මුදල් ඇතුළු කෝටි ගණනක දේපළ ඡන්ද ඔට්ටු වශයෙන් අල්ලා ඇතැයි දැනගන්නට ඇත.
තවත් සමහරුන් ඔට්ටු පැරදුණු පසු කොණ්ඩය බූ ගෑම, මහ පාරේ පැය ගණන් හිටගෙන සිටීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීමටද ගිවිසගෙන ඇතැයි වාර්තා වේ.
මෙසේ ඔට්ටු අල්ලා ඇති වැඩි පිරිසක් විවිධ තරාතිරම්වල ව්‍යාපාරිකයෝ වෙති. රත්නපුර සහ ඒ අවට ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන් සහ තේ වතු හිමියන් රැසක්ද ඒ අතර සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
සමහරුන් ඔට්ටු අල්ලා ඇත්තේ නීතිඥවරුන් ඉදිරියේ ඒ පිළිබඳ ලියකියවිලි වලටද අත්සන් තබමිනි.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඔට්ටු ඇල්ලීම පෞද්ගලික මට්ටමින් සිදු කෙරෙන්නක් හෙයින් එවැනි දේ මැතිවරණයට ලොකු බාධාවක් ඇතිවේ යයි සිතිය නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගමේ පොලිසියේ සාජන් මහත්තයාත් පොලිසියේ ඔ අයි සි මහත්තයත් එක්ක ලොකු ඔට්ටුවක් අල්ලලා. පැරදුණු කෙනා අමු නිර්වස්ත්‍ර පැය 12ක් පොලිසිය ඉස්සරහ සිටගෙන ඉන්නවා කියලා. දැන් ගමේ කට්ටිය බලාගෙන ඉන්නේ 22 දාට ප්‍රතිඵල එනකම්...