(අංජුල මහික වීරරත්න)
මැතිවරණ සඳහා වන ඇප මුදල් තැන්පත් ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනාධිපතිවරණ,පාර්ලිමේන්තු මැතිවරණ සහ පළාත් සභා පනතේ විධිවිධාන පරිදි වත්මන් ආර්ථික පසුබිමට ගැලපෙන පරිදි ඇප සංශෝධනය කළ යුතු බව හඳුනාගෙන ඇතැයි රජය පවසයි.
අදාල පනත් කෙටුම්පත සකස් කරන ලෙස පනත් කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපති සහ අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනාධිපතිවරණයට පක්‍ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු සඳහා ඇප මුදල ලක්ෂ 26 දක්වාත් ස්වාධීන ජනපතිවරණ අපේක්ෂකයකු සඳහා ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 31 දක්වා ඉහල නංවා ඇත.
පාර්ලිමේන්තු මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 11000 දක්වාත් ස්වාධීන අපේක්ෂකයෙකු සඳහා ඇප තැන්පතුව රුපියල් 16000 දක්වාත් ඉහල නවා තිබේ.
පළාත් සභා ඡන්ද විමසීමට පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයකුට ඇප තැන්පතුව රුපියල් 6000 දක්වාත් ස්වාධීන අපේක්ෂක ඇප තැන්පතුම රුපියල් 11000 දක්වාත් ඉහල නංවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහමැතිවරණය පළාත් සභා මැතිවරණය වෙනුවෙන් අවම වශයෙන් පක්ෂයක අපේක්ෂකයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක් වැනි මුදලක්ද ස්වාධීන අපේක්ෂකයෙක් වෙනුවෙන් ලක්ෂ දෙක හමාරක් වගේ මුදලක් නියම කරන්න ඕන .මොකද අපේක්ෂක ලැයිස්තු වැඩුවුනාම වියදම් බොහෝ වැඩිවෙනවා .අක්‍රමිකතා උපරිමයෙන් වෙනවා මැතිවරණ කටයුතු කරන නිළධාරි දැඩිසේ පීඩාවට පත්වෙනවා ප්‍රතිඵල නිකුත්කරන්න ප්‍රමාද වෙනවා .
මොන උප්පරවැට්ටි කරලා හරි, සීමා නිර්ණය කියමින් සහ මැතිවරණ සංශෝදන කියමින් චන්දය කල් දාන්න තමයි උත්සාහ කරන්නේ. මාලිමාවට හොඳටම බය වෙලා.
මහමැතිවරණය පළාත් සභා මැතිවරණය වෙනුවෙන් අවම වශයෙන් පක්ෂයක අපේක්ෂකයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක් වැනි මුදලක්ද ස්වාධීන අපේක්ෂකයෙක් වෙනුවෙන් ලක්ෂ 15 වගේ මුදලක් නියම කරන්න ඕනෑ .
ඔය තියන ඇප ඔක්කොම ජනතා නිශේධ බලයෙන් කැන්සල් වෙන ක්‍රමයකුත් ඇතුලත් කරන්න. එතකොට තමයි යෝජනාව අංග සම්පුර්ණ වෙන්නෙ !!!