(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) ස්ථාවර කමිටු සාමාජික සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ සභාපතිනි මහාචාර්යෂින් චුන්යිං (Xin Chunying) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් ඉල්ලීමේන්තුවේදී පැවැත්විණි.

නියෝජිත පිරිසට මහජන චීන සමූහාණ්ඩුවේ ස්ථාවර කමිටු සාමාජික සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ උප සභාපති කොන්ග් බින් (Cong Bin) , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ සාමාජික ගාඕ සිචෙන්ග් (Gao Zicheng) ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් ද ඇතුළත් වූහ.

නියෝජිත පිරිස පිළිගනිමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කීවේ ශ්‍රී ලංකාව සහ චීනය අතර වසර දෙදහසකට අධික කාලයක් පුරා දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පැවැති බවයි.

දෙරට අතර ආරම්භ වූ නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වන සංවත්සරය 2027 වසරේදී සැමරීමට නියමිත බවත් ඔහු පැවසීය.

ඉන්පසුව, දූත පිරිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමකට සහභාගී වූහ.