IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


චයිනා මර්චන්ට්ස් සමූහයේ ලංකාවේ ආයෝජන ඩොලර් බිලියන 2 ඉක්මවයි

සිය නවතම ආයෝජන සැලසුම් තුළින්, මේ දක්වා ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවන බව, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටි චයිනා මර්චන්ට් සමූහයේ සභාපතිවරයා පවසයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ හම්බන්තොට ජාත්‍යන්තර සමූහයේ ව්‍යාපාර හවුල්කරුවකු වන CMPort සමාගමේ මව් සමාගම වන චයිනා මර්චන්ට් සමූහය, චීනයේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයයි.

පළමු වරට දිවයිනේ සංචාරයක යෙදුනු CMG සභාපති මියාඕ ජියැන්මින් මහතා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ  ව්‍යාපෘති 15ක් සඳහා අත්සන් තැබීමේ සහ පීත්ත පටි කැපීමේ උත්සවයකට සහභාගී විය. 2008 වසරේ ශ්‍රී ලංකා වෙළඳපොළට පිවිසි චයිනා මර්චන්ට් සමූහය 2023 වසර ආරම්භය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.68ක ආයෝජන රැස්කර ගෙන ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ආයෝජනයක් සහිතව කොළඹ නවීන සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම වෙනුවෙන් CMG සමූහය ශ්‍රී ලංකා රජය සමඟ ඇති කර ගත් ගිවිසුමකට ද සභාපතිවරයා අත්සන් තැබීය. මෙම නව ගිවිසුමත් සමඟ CMG විසින් ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජන සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ඉක්මවන අතර, එය දිවයිනේ විශාලතම විදේශ ආයෝජන ව්‍යවසාය බවට පත් වනු ඇත.

හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියන් සාගරයේ බලවත් මෙන්ම දීප්තිමත් සන්ධිසථානයක් බවට පත් කරමින්, මෙම සාරවත් භූමියේ, අපූර්ව පරිච්ඡේදයක් සටහන් කිරීම ඔවුන්ගේ අධිෂ්ඨානය බව CMG සභාපතිවරයා පැවසීය.

හම්බන්තොට සමුද්‍රීය මධ්‍යස්ථානයේ 12 වැනි මහලේ පැවති උත්සවයේ දී  අවබෝධතා ගිවිසුම්, වාණිජ ගිවිසුම්, කාර්යාල බදු සහ ඉඩම් බදු ගිවිසුම් අත්සන් කෙරිණි. තිරුබදු රහිත වෙළෙඳසැල් වන භාතිය වෙළෙඳ සමාගම, සහ යුනයිටඩ් ලයිෆ් සමාගම, කොස්කෝ ෂිපින්ග් ලයින්ස් ලංකා, ෂිප්ලෝඩ් මරිටයිම්, HXZAලංකා ඉන්ටර්නැෂනල්, ලූ ෆෝචූන් ඉන්වෙස්මන්ට්, චයිනා ස්ටේස් කන්ස්ට්‍රක්ශන්  ඉන්ජිනියරින් කෝපරේෂන්, සයිනොපෙක් ඉන්ධන ලංකා සමාගම සහ ඉන්ච්කේප් මැකිනොන් මකෙන්සි යන සමාගම් එම අවස්ථාවට සහභාගී විය.

හම්බන්තොට වරායේ සංවර්ධනය පිළිබඳව පූර්ණ විශ්වාසය පළ කළ මියාඕ ජියැන්මින් මහතා, CMG විසින් ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නැංවීමට මෙන්ම සියලු‍ දෙනා සමඟ පුළුල් සහයෝගීතාවයෙන් ක්‍රියා  අඛණ්ඩව කටයුතු කරන බව සඳහන් කළේය. වරාය සහ කර්මාන්ත උද්‍යාන කළමනාකරණය පිළිබඳ පොහොසත් අත්දැකීම් සහ උසස් තාක්‍ෂණය චයිනා මර්චන්ට් සමූහය මෙරටට ගෙන එයි. හම්බන්තොට වරාය, දිවයිනේ මෙන්ම ඉන්දියන් සාගර කලාපයේ වැදගත් සැපයුම් මධ්‍යස්ථානයක් සහ කර්මාන්ත  කලාපයක්  බවට පත් කිරීමට සියලු සැලසුම් CMG සමූහය විසින් සකසනු ඇත.

CMG සමූහයේ උප සභාපතිවරුන් වන ඩෙන් රෙන්ජි සහ ෆන්ග් බෝමින්, CMG හි අනුබද්ධිත, HIPG හි ගෝලීය සහකරු වන, CMPort සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වැන්ග් ෂී ෆැන්ග්, HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු සහ HIPS හි ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවික්‍රම යන මහත්වරුද උත්සවයට සහභාගී වූහ.

595



අදහස් (0)

චයිනා මර්චන්ට්ස් සමූහයේ ලංකාවේ ආයෝජන ඩොලර් බිලියන 2 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site