
(යොහාන් භාසුර)
ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ ප්‍රබලතම ක්‍රීඩිකාවක් වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියට (2024) කැඳවා තිබේ.
එංගලන්ත ක්‍රීඩිකා ලෝරන් බෙල් වෙනුවට උත්තර් ප්‍රදේශ් වොරියස් පිලට ආදේශ ක්‍රීඩිකාවක් ලෙස චමරි කැඳවීම් ලබා සිටින්නීය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස ද ඇයට සම්මාන පිරිනැමූ අතර චමරි වසරේ එක්දින සහ විස්සයි20 යන කණ්ඩායම් දෙකේම නායිකාව ලෙස අයි.සී.සී. පසුගියදා නම් කළේය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකා වෙන්දේසිය පසුගියදා පැවැති අතර එහිදී කිසිඳු කණ්ඩායමක් චමරි මිලදී ගැනීමට ඉදිරිපත් නොවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයව මුලින්ම කිසිවෙකුත් මිලදී නොගත්තේ කුහකකමට. දැන් ඇයව කැඳවා ඇත්තේ ලෝක අපවාදයෙන් මිදෙන්න. දිගින් දිගටම ඇයගේ වැටිනාකම ලොවට පෙන්වා දුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ස්තුතිවන්ත විය යුතුයි...!
කන්න ඕනෑ වුණාම කබරගොයාත් තලගොයා වෙනවලු... සල්ලි වගේ නෙවේ යන්න එපා...
තමුන්ට අවුරුදු දෙකක්ම IPL එකෙන් ඔය වැඩේ කළා, කිසිම කණ්ඩායමකට ගත්තේ නැහැ. මේ වගේ වෙලාවට ආත්ම ගෞරවයක් තියා ගෙන නොයන එක තමයි හොඳ. නමුත් අද මුදල් නිසා ඒවා අහන කවුරුත් හිතන්නේ නැහැ. මිනිස්සුන්ට ගිය කලක්...!
අපේ සිංහ කාන්තාව...!