(සුජිත් හේවාජුලිගේ)

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ  නිවාසයෙන්  ලබන මස 10 වැනිදාට පෙර ඉවත්වන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් සමගි ජනබලවේගයේ  බදුලු  දිස්ත්‍රික්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  චමින්ද විජේසිරි මහතාට දැනුම්දී ඇත.

චමින්ද විජේසිරි මහතා පෞද්ගලික හේතුවක් මත  සිය මන්ත්‍රී ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

මන්ත්‍රීවරයකු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වූ පසු  මාදිවෙල මන්ත්‍රී නිල  නිවාස සංකීර්ණයෙන් ඉවත්වීමට මාසයක කාලයක්   දෙන්නේය. ඉන් අනතුරුව ඔහු එම නිවාසයෙන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු ප්‍රධානීහු  පෙන්වා දෙති.

චමින්ද විජේසිරි මහතා වසර ගණනාවක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ජීවත් වූයේය.

මේ අතර චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමෙන් පත්වූ  නයන  වාසලතිලක නවක මන්ත්‍රීවරයා මන්ත්‍රීවරුන්ට ලැබෙන පහසුකම් කිසිවක් තවමත් ඉල්ලීම් කර නැතැයි වාර්තාවේ.

දැනට ඔහු ලබාගෙන ඇත්තේ මන්ත්‍රී ධූරය සඳහා අවශ්‍ය කෙරෙන සේවා උපදෙස් පත්‍රිකා පමණි.

වාසලතිලක මහතා කෝටිපති ව්‍යාපාරිකයෙකි.

කොළඹින් ඈත දුර බැහැර මන්ත්‍රීවරුන් සියලු දෙනාට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන්  නිවාස හිමිවේ.