(නිමන්ති රණසිංහ)
ජාතික රූපවාහිණී සංස්ථාවට කඩා වැදී මධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කර බියගන්වා සජීවි රූපවාහිණී වැඩසටහනකට සම්බන්ධවීමේ සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ නමැත්තා රුපියල් ලක්ෂ එකහාමාරක මුදල් සහ රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (22) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසියට භාරවූ සැකකරු අත්අඩංගුවට ගත් පොලීසිය අද (22) සවස අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
මෙහි පළමු සැකකරු වන සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණේ ඉකුත් 15 වැනිදාය.
මෙම සිද්ධියට අදාළ දෙවැනි සැකකරු වන චමින්ද කැලුම් ප්‍රිය අමරසිංහ ජයකොඩි යන අයවලුන්ගේ ද තෙවැනි සැකකරු වන එම්. චන්දිමාල් යන අයගේ ද විදෙස් ගමන් තහනම් කිරීමට ඉකුත් 15 වැනිදා අධිකරණය නියෝග කලේය.
මෙහි සිව්වන සැකකරු වන ආරච්චිගේ සුසිල් වසන්ත නමැත්තා කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන ඉකුත් 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම සැකකරු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චමින්ද කැලුම්ප්‍රියට ඇප
Chinthaka Tuesday, 23 August 2022 09:06 AM
එදා රුපවහිනියට ඇවිල්ල සින්හයා වාගෙ කතා කෙරුවෙ, අද කුක්කා වාගෙ