(නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට නාදුනන පිරිසක් විසින් එල්ලකරනු ලැබූ ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන පිළියන්දල පොලීසියෙන් ඉවත් කොට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් දමින්ද රාමණායක වැලිගොඩපිටිය මහතා අද පොලිස්පතිවරයාට නියෝග කළේය.
මෙම සිද්ධියෙන් අගතියට පත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ කුවේර ද සොයිසා මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
තම සේවාදායකයාට එරෙහිව සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් සිදුව නොමැති බවත්, පොලීසිය මෙතෙක් සිදුකළ විමර්ශනවලින් සෑහීමකට පත්විය නොහැකි බවත් ජනාධිපති නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට මෙම ප්‍රහාරය එල්ලවූයේ ඉකුත් පෙබරවාරි මස 14 වැනිදාය. මෙතෙක් එම සිද්ධියට අදාළව කිසිදු සැකකරුවකු පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබ නොතිබිණී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චමුදිතගේ පරීක්ෂණ සී.අයි.ඩීයට
ravin Wednesday, 27 April 2022 06:28 PM
මේ භාවිතා කරන ක්‍රමවේදයන්ගෙන් වනුයේ තිරය පිටුපස විවෘත වීමයි. පැරැණි කතාවක් තියෙනවා හැංගි හැංගි වෙස්මුහුණු බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියලා...