(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෙරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් "චැනල් 4" නාලිකාව කළ හෙලිදරව්ව ගැන සෙවීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳවත් ඊට අමතරව ජාත්‍යන්තරවත් පරීක්ෂණ අවශ්‍ය නම් රජයක් ලෙස ඒ සම්බන්ධවත් කටයුතු කිරීමටත් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට කිසිදු අයුරකින් රජය පසුබට වන්නේ නැතැයි නානායක්කාර මහතා කීය.
සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මනුෂ නානායක්කාර මහතා මේ බව කීය.
පාස්කු ප්‍රහාරය සම්බන්දව බරපතල ප්‍රකාශයක් චැනල් 4 නාලිකාවෙන් ඉදිරිපත් කළ බවත් ඒ තොරතුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි හෙක්ටර් අප්පුහාමි මහතා ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරුවෙක්ව මාකට් කරන්න පරිසරයක් හදාගන්න ලේ පිපාසිත ලේ පාට සාටක පොරවාගත්ත උන් මේ අපරාධය වෙන්න ඉඩ හැරියා. එසැනින්ම විරුවා මාකට් වුනා.
අනේ එපා බං. ඔය තේරීම් කමිටුවට දෙන තේ එකට යන ජනතා මුදලවත් ඉතුරු වෙයි. මෙච්චර කල් හොරු / මිනී මරුවෝ අල්ලපු හැටි අපි දැකලා තියෙනවනේ. මිනී දිහා බල බල කලිසම උස්ස උස්ස හිනා වෙච්ච එකාව ජනාධිපති කරගෙන මොන කමිටුද බං
පරක්කු වෙලා හරි මතක් උනා. නේද ?
කුප්‍රකට කිලින්ග් ෆීල්ඩ් හි තවත් අදියරක් වන මේ ගැන මොනවා හොයන්න ද! චැනල් 4 වැනි පාදඩ මාධ්‍ය සහ එහි පල කරන "මුදල් ගෙවා කරන ලද" "හෙළිදරව්" පිලිබඳ නොදන්නේ හෝ උනන්දුවක් දක්වන්නේ ශ්‍රී ලංකාව කියන්නේ රාජපක්ෂවරු යයි සිතා සිටින අද බාලයනුත්, ඔවුන් සමග දේශාපලන වයිරයෙන් කටයුතු කරන මෝඩයන් ය. ජවිපෙ සාමාජික ඊබ්‍රහිම්ගේ පුතුන් දෙදෙනාත්, තවත් මුස්ලිම්වරු කීප දෙනෙක් තම ජීවිත දුන්නේ ගොටාභය රාජපක්ෂ දිනවීමට යයි කතාවක් විස්වාසක කල හැක්කේ නරුමයකුට පමණි. 2918 පවතී පළාත් පාලන මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ලබා සිටි එම කඳවුරට ජයග්‍රහණය සඳහා මෙවැනි ප්‍රහාර වුවමනා වන්නේ අහවල් දෙයකට ද? අනෙක් අතට තමාගේ නිල නිවස වට කොට සිටි අරගලකරුවන් යයි කියන නොමේරු රැලට එක වෙඩිල්ලක් නොතබා ධුරයෙන් ඉවත්ව ගිය පුද්ගලයකු වූ ගොටභය රාජපක්ෂ මහතා තම බලය සඳහා මෙවැනි ප්‍රහාරයක් සැලසුම් කළා යයි කතාවක් ගෙතිය හැක්කේ ස්විට්සර්ලන්තයේ පදිංචිය අපේක්ෂා කරන සරනාගතයකුට නම් විය හැකිය.
ඕවා හොඳයි අපේ ගොන් වහන්සේලාටම විශ්වාස කරන්න. සරණාගතභාවය ගන්න නොකියන බොරුවක් නෑ ලංකාවෙන් යන උන්. දැන් ඉතින් ඔය කතාවම ඇති ඔය කියන එකාට ලංකාවට ආපහු යන්න නම් බෑ මාව මරයි කියන්න. මෙහේ උන් ඇම කාලා කාලයක් නියවයි ඕකට, අර රදගුරු තුමා මහ මොලේ හෙව්ව වගේ. අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවක් නෙවෙයි පලු දෙකම නෑ. අසරණ මිනිසුන්ගේ බදු සල්ලි වලින් කොමිටියකුත් දාලා උගතුන් යයි කියන කීපදෙනෙකුග් එදා වේල සරිකරදෙන එක තමයි වෙන්නේ.
ආයුබෝවන්ඩ තමනුයි තවත් හාදයෙකුයි ඒ කාලේ "සොනික්" "සොනික්" කවුද කියල ලොකුවට හෙව්ව නේද. හොයා ගත්තද
මොනවා හොයන්නද ?දැන් පුලුවන්නම් පලයල්ලා ජිනීවා හරීන් ගොයියත් අර ඉස්සර දිව්වා වගේ
චැනල් 4 නාලිකාවට මේ ගැන අමුතුවෙන් කියන්න තරම් දෙයක් නැහැ. මොලය කලඳක් හෝ තියන මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා මේ ප්‍රහාරය සැලසුම් කලේ කවුද බව...මේ ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් වෙනුවට, උසස් වීම් ලබා දුන්නේ ඇයි...? අත්‍යාවශ්‍ය කරුණු වෙනුවට, අනවශ්‍ය කරුණු ගොනු කරමින් පල හෑලි ලියා කොළ පුරවා අවශ්‍ය කරුණු යටපත් කිරීම තමයි මේ තක්කඩි මිනීමරු කල්ලිය සිදු කරන්නේ...? ඉන්දියන් බුද්ධි අංශය දැනුවත් කර තිබියදීත් ඒ ගැන ක්‍රියාත්මක නොවුනේ ඇයි...? එවකට හිටපු ඇමති ආරක්ෂක අංශ වලට පමණක් තොරතුරු ලැබුනේ කෙසේද..? සමහර නරුමයෝ හිතාගෙන ඇති අපි බබ්බු කියලා... මේ පාස්කු මිනීමැරුම සිදුකල කල හා ඊට අනුබල දුන් හා එය මෙහෙයවමින් බෝම්බ තාක්‍ෂණය ලබාදුන්, මෙන්ම මේ ප්‍රහාරය සාධාරණීකරණය කරමින් ප්‍රහාරයේ මහා මොළ කරුවන් වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාටම ඒ ලේවල ශාපය නොලැබුනොත්, මේ සියලු ආගම ධර්මයන් හා විශ්ව ධර්මයන් බොරු.....කකුළුවා හැලිය රත් වෙන තුරු නටනවා හොඳටම...තොපට ශාප වේවා!!!
ඔයාගේ පින් ජනාධිපති රනිලුත් දැනට වසරකට පෙර ජනාධිපති දුරය වැඩ බාරගත්තු වෙලාවත් රටේ ජනතාව පොරුන්දුවක් දුන්න, ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලීසිය මාර්ගයෙන් පරීක්ෂණය කරනවයි කියල. මෙයාත් ඒ දවස්වල විපක්ෂයේ ඉඳ ගැන මේ ආණ්ඩුවට දොස් කිව්වා. එම මෙයාත් මෙයාගේ රනිලුත් කිසිසේත්ම විශ්වාස කල නොහැකි.
පාස්කු ප්‍රහාරය නැවතත් රනිල්ගේ අදක්‍ෂකම වහාගන්න ද? මෛත්‍රිපාල තව තවත් හිර කරන්න ද? ගෝඨාභය නැවත දේශපාලනයට එයි කියන බයට ද? නිවැරදි පිළිතුරට චැනල් 4 වැඩ සටහන් නිෂ්පාදනය කරනු බැලීමට එංගලන්තයට යෑමටඅඩු පොළියට බැංකු ණයක්
ඕක කාටවත් ඇහෙන්න කියන්න එපා. බෞද්ධ නායකයෙකුට බලයට එන්න උදවු කරලා සහරන් කරගෙන තියෙන්නේ පවක්. කන්‍යාවෝ 7 දෙනා අපහු ගනීවි. සහරාන් පවු.
සමහරක් සිංහල ටිකිරි මොළ කාරයෝ හිතාගෙන ඉන්නේ සහරාන් බෝම්බ තියාගෙන මරුනේ කන්‍යාවීයෝ හත් දෙනෙක් ලබා ගන්න කියලද...? එහෙම මෝඩයෙක් ද එතකොට රාජ්‍ය බුද්ධි අංශයේ සාමාජිකයෙක් වෙලා රජයෙන් පඩි ගත්තේ...?ඔය කියන සිංහල බෞද්ධ නායකයා මැර සංඝ කල්ලියක් යොදාගෙන මේ රටේ මුස්ලිම් ජනතාව හා සිංහල ජනතාව අතර බෙදීමක් ඇති කළා... හලාල්, වඳ කොත්තු, හා වඳ සැත්කම් වැනි බොරු සමාජ ගතකොට... ඒ වගේම තව්හිත් ජමාද් සංවිධානයේ නායක අබ්දුල් රසීක් යොදාගෙන බුදුන් වහන්සේට අපහාස කරමින් ප්‍රකාශ නිකුත් කළා... උඹලගේ මහලොකු බෞද්ධ නායකයා මොකක්ද කලේ ඒකට.? දඬුවම් දුන්නද..? දැන් කෝ ඒ පුද්ගලයා.? මොන්ටිසෝරි මොළ කාරයින්ට මතක නැද්ද එව්වා...එදා අනුරාධපුර රාජධානියෙන් ආරම්භ උන බෞද්ධ පුනර්ජීවනය දකුණේ තක්කඩි පාලකයින් පැමිණ විනාශ කළා. ගරුතර සංඝරත්නයට තිබුණු ගෞරවය විනාශ කළා.. බුදු දහම, බලය ලබා ගැනීමේ දේශපාලන මෙවලමක් කර ගත්තා..බෞද්ධ සම්ප්‍රදාය පදනම්ව පැවැති ප්‍රබුද්ධ යහපත් සමාජය නරුමයින්ගෙන් පිරි සමාජයක් බවට පරිපර්තනය කළා. එදා අපේ මුතුන් මිත්තන් බේර වැවෙන් මෙහාට දකුණේ බළල් පැටියෙක් වත් වද්දා ගන්න එපා කියපු එකේ අර්ථය පැහැදිලි උනා, මුළු රටම විනාශ කලා
චැනල් 4 එකෙන් කියන්නේ බොල විපක්ෂේ ඉන්න කාලේ කියපුවා මිසක් අලුත් දෙයක් නොවේ ?
පැන්ඩෝරා පේපර්ස් ගැන හොයන්න කමිටුවක් දැම්මා වගේ ද?