
(අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාලව බ්‍රිතාන්‍යයේ "චැනල් 4" නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාලව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව හා සිවිල් සේවය නියෝජනය කරමින් මෙම කමිටුව පත් කිරීමට නියමිතය.
ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර කමිටු නියෝජිතයන් පත් කිරීමේ කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන් වෙත පවරා තිබේ.
ඊට අමතරව චැනල් 4 හෙලිදරව්ව පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා තීන්දු කර ඇති අතර එම කටයුතු ඉදිරියට ගෙන යාම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා වෙත පවරා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට සිටි කීරීර්තිමත් මානව හිතවාදියකු, නීතිවේදියකු මෙන්ම දේශපාලඥයකු වූ ප්‍රින්ස් ගුණසේකර මැතිතුමා 88/89 න් පසු එක්සත් රාජධානිය ස්ථිර පදිංචියට යනවා. එහිදී එක්තරා අවස්ථාවක එතුමාට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් පළවුණා. එරට නියෝජිතයා එ/රා තුළ බෙදා හැරියායි කියා එම ආයතනයට විරුද්ධව එරට අධිකරණයේ නඩුවක් පවරා වන්දි ඉල්ලනවා.
චැනල් 4 කතාව ඇහුණුවිට මට මතක් වෙන්නේ අරාබි නිසොල්ලාසයේ කතා. මේ වගේ සුරංගනා කතා වලට කාලය සහ මුදල් නාස්ති කිරීම පවක්..
මේක විහිළුවක්...
එම කටයුතු ඉදිරියට ගෙන යාම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා වෙත පවරා තිබේ.
ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවා කිව්වා නේද? දැන් ඒක නැද්ද? ප්‍රසන්න රණතුංග කියයි නැහැ කියයි...
"හොරාගේ අම්මාගෙන් පේනෙ ඇහුවා වගේ" නොවේ "අම්මා හොරාගෙන් පේනෙ ඇහුවා වගේ" නොවුණොත් හොඳයි!
මොවුන් වගේ බොරුකාරයෝ මේ ලෝකෙ කොහේවත් නැතිව ඇති. හැමදාම බොරු කොමිසන් දානවා විතරයි. හොයාගත්ත දෙයක් නැහැ. මිනිස්සු රවටිටන්න හැමදාම බොරු කරන්න පුළුවන්... හැබැයි උඩ ඉන්න දෙවියෝ රවට්ටන්න හැමදාම බැහැ.
අපරාදේ... මහජන මුදල් නාස්ති කරන්න එපා.
හෙංචයියලාවම පත්කරගන්න එක හොඳයි. ඒ ගොල්ලෝ විභාගයටත් කළින් තීරණවලට පැමිණිලා හමාරයි.
මෙන්න මේ වගේ තවත් අපේ බදුමුදල් කාබාසිනියා කරන වැඩ තමයි කරන්නේ. නිකන් වටේ යන්නේ නැතුව ශානි අබේසේකර ව දාන්නකෝ විමර්ශණයක් කරන්න කියලා... ඒවා නම් කරයි මේ රාජපක්ෂලා...
මීට කලිනුත් කොමිසමක් දාලා ඒකෙ වාර්තාවත් නිකුත්වෙලා තියෙද්දී නැවත කොමිසමක් මොන එකකටද? කොමිසම් දදා ප්‍රශ්න මගහැරීම රටේ වගකිව යුත්තන්ගේ ක්‍රියාපිළිවෙළ බව අමුතුවෙන් කියන්න ඕනැ නෑ.
ශහ්! ලොක්කාට පුදුම මොලයක්නේ තියෙන්නේ... පත්කරපු අයගේ දිහා බලපුවාම හිතාගන්න පුළුවන් කමිටුවේ අවසාන තීර්ණය. මේවාට විහිළු කියලා මදි.., වෙනවෙන වචනයක් හොයාගන්න වෙනවා...!
ලැජ්ජාවක් නැති පිනා, මිනිහව බලයෙන් එලවන්න කරපු සැලැස්මක ඇත්ත නැත්ත හොයන්නත් පොහොට්ටුවේ එකෙකුටම බාරදීලා ...
විකට නළුවන්ගෙන් තවත් විකට වැඩක්...
එකමත් එක රටක එකමත් එක කාලයක එකමත් එක චිත්‍රපටියක් සම්බන්ධව පරීක්ෂකයක් අලලා තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න තවත් එකමක් එක අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කළා...
බොරු වැඩ නොකර යන්න...
අර මුස්ලිම් පල්ලිවල කඩු සියගණන් හන්ගන් හිටියේ මොකද කියලා අහන්න. චැනල් 4 කාරයාටත් ඒක අහන්නක අමතක වෙලා... පවු...
අර ගෝඨාභය... එයාලාට විරුද්ධව නඩු අවසන් කරන්න පත්කරපු කමිටු සාමාජික රොත්ත දාන්න. වැඩේ ෂුවර්...!
ඔය කමිටු වාර්තාවත් ඔය සම්බන්ධව මීට කලිනුත් පත් කරපු කමිටු වාර්තා තුන වගේම හීනියට රෝල් කරලා උඩ වාඩිවෙන්න
ලොක්කා ඔහේගේ අත් වලත් පාස්කු ලේ තිබෙනවා. අත් පිරිසුදු කරගෙන වැඩේට අත ගහන්න. අත් පිරිසිදු කරගන්න පුලුවන්ද?