IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චැනල් 4 හෙලිදරව් ගැන හොයන ජනාධිපති කමිටුව පත් කරයි

(අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරය පිළිබඳ  "චැනල්-4" නාලිකාව වීඩියෝවක් නිකුත් කරමින් කළ චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල්  ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ. ජේ සෝසා මහත්වරු  සාමාජිකත්වය දරති.

2019 වසරේ පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සාධනීය පියවරක් තබමින් ජනාධිපතිවරයා  මෙම කමිටුව පත් කළ බව ජනාධිපති කාර්යාලය කියයි.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස මහ මොලකරුවකු සිටින බවට චෝදනා කරමින් හිටපු නීතිපතිවරයකුද  ප්‍රකාශයක් කර ඇති බැවින් මෙම තත්ත්වය ඇවිලෙන ගින්නට පිදුරු දැමීම වැනි තත්ත්වයක් ඇති කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

මෙම කැළඹිලි සහගත ප්‍රකාශයන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට ද රජය අපේක්ෂා කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.



අදහස් (6)

චැනල් 4 හෙලිදරව් ගැන හොයන ජනාධිපති කමිටුව පත් කරයි

Indika Friday, 15 September 2023 05:34 PM

මෛත්‍රී සභාපති කරලා රනිල් උපසභාපති කරමු...

:       1       15

Hafeel Friday, 15 September 2023 05:36 PM

යම් පුද්ගලයක් හෝ කල්ලියක් යම් අපරාධයක් කළා නම්, ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, ත්‍රස්ත විමර්ශන අංශය සහ නීතිපති දෙපාර්තුමේන්තුව මාර්ගයෙන් මහා අධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් කරලා නඩුවක් යොමු කරන එක තමයි රටේ පිළිගත් වලංගු නීතිය සහ ක්‍රමය. එහෙම නැතුව ඉතිහාසයේ මෙහෙම කමිටු පත්කරන එකෙන් මහජන මුදල් නාස්ති කරන්න එක මිස කිසිම ඵලක් නැහැ. චන්ද්‍රිකා යුගයේ ඉඳන් බටලන්ද, සූරියකන්ද කොමිටුව සිට අද දක්වා පත්කළ කමිටු සහ කොමිසන් සභා වාර්තාවලින් කිසි කෙනෙක්ට දඬුවම් දීලත් නැහැ. අනික මෙම පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ කමිටුවේ වාර්තාවෙන් පිටු 26 ක් අදටත් හංගගෙන ඉන්නෙත්...!

:       1       13

ලුම්බිණි Friday, 15 September 2023 06:02 PM

තවත් සල්ලි ටිකක් ඉවර කරන වැඩක්...

:       0       12

Priyantha Friday, 15 September 2023 06:42 PM

ප්‍රසන්න සභාපති අනු සාමාජිකයින් ජොන්ස්ටන් සහ රෝහිත...!

:       2       8

ගමේ එකාලා Saturday, 16 September 2023 01:46 PM

කමිටු පත්කෙරුවා කියලා ඇති වැඩක් නැහැ. නිකම් මුදල් සහ කාලය කා දමන එකයි සිද්ද වෙන්නේ? මෙයාලා ඇඟ බේරාගන්න හැදුවාට සත්‍ය වසන් කරන්න බැහැ.

:       0       0

chandima Sunday, 17 September 2023 08:00 AM

යාළුවෝ සේරටම රස්සා දීලා ඉවර කරන්න තව කමිටු කීයක් දාන්න වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site