
(විමුක්ති එස් රුද්‍රිගු)
චීනය ශ්‍රී ලංකාවේ ධීවරයන් සහ ගොවියන් වෙනුවෙන් ප්‍රදානය කළ ඩීසල් ලීටර මිලියන 10.6 රැගත් "සුපර් ඊස්ටන්" ඉන්ධන ප්‍රවාහන නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වී ඇති බවත් එය හෙට (26) කොළඹ වරාය වෙත ළඟා වෙනු ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති ධීවර සහ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ජීවනෝපායන් නගා සිටුවීම සඳහා ඩීසල් ලීටර මිලියන 10.6 ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බව පසුගිය දා චීන තානාපති කාර්යාලය පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd