(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික ජනතාවට චීනයෙන් පරිත්‍යාග කළ රුපියල් බිලියන 2 ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ අද (6) කොළඹට ළගා වූ බව චීන තානාපති කාර්යාලය පැවසීය.
එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය කන්ටේනර් 24 ක් ලෙස නැව්ගත කළ බවත් එහි සම්පූර්ණ බර මෙටි්‍රක්ටොන් 255 කට අධික බවත් එම තානාපති කාර්යාලය කීය.
චීනය ජුනි මාසයේ සිට රුපියල් බිලියන 5 කට අධික වටිනාකමින් යුත් ඖෂධ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති බවත් චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනේ මී කඩන්නේ අත ලෙවකන්න කියලා හිතන අයට මගේ බලවත් ශෝකය.
චීන බෙහෙත් ෂුවර් ද? බෙහෙත් ගත්තොත් ජීවිතේ වොරන්ටි කාලය කොපමණද?