චීනයේ සිචුවාන් පළාතේ සිදුවූ භූ චලනයකින් 13 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
චීන වේලාවෙන් අද (05) පස්වරු 1 ට පමණ මෙම භූමි කම්පාව හට ගෙන තිබුණි.
භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.8 ක් ලෙස සටහන් විය.
භූමි කම්පාව හේතුවෙන් සිචුවාන් පළාතේ දුරකථන රැහැන් කඩා වැටී ඇති අතර කඳු නායයෑම් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
2017 වසරෙන් පසුව සිචුවාන් පළාතට බලපෑ දරුණුතම භූමි කම්පාව මෙය බව චීන බලධාරීහු ප්‍රකාශ කළහ.
නායයෑම් හේතුවෙන් මාර්ග වලට වැටී ඇති පස් ඉවත් කිරීමට දැනටමත් සහන සේවකයින් යොදවා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළේය.
භූමි කම්පාව හේතුවෙන් සිචුවාන් පළාතේ නිවාස වලටද හානි වී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළේය.
034
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
චීනයට භූමි කම්පාවක්:13ක් මරුට