IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චීනයේ සහතිකය ගැන ලොකු බලා පොරොන්තුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

චීනය ඉදිරියට පැමිණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණ සහතික ලබා දේවී යැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා වියෝන් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව නැවත ඉක්මණින් යථා තත්ත්වයට පත්වීම ණය හිමියන්ට මෙන්ම අයෝජකයන්ටද වැදගත් බවත් ශ්‍රී ලංකාව ණය ගෙවීම දීර්ඝ කාලයක් අත් හිටුවා තිබීම ණය හිමියන්ට මෙන්ම අයෝජකයන්ටද අහිතකර බවත් චීනය ඒ බව හොඳින් දන්නා බවත් සබ්රි මහතා පැවසුවේය.

වර්තමානයේ පවත්වන විරෝධතා මහජන සාහාය නොමැතිව පවත්වන ඒවා බවත් එම විරෝධතා පවත්වන්නන් අන්තවාදීන් නොවූවත් සැඟවුණු න්‍යාය පත්‍රයක් සහිතව ඔවුන් එම විරෝධතා පවත්වන බවත් සබ්රි මහතා එහිදී පෙන්වා දී ඇති තිබේ.

එසේම විරෝධතා පවත්වන්නන් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව රට අස්ථාවර කිරීමට කටයුතු කරමින් දේශපාලන අරමුණු ඉටුකරගැනීමට උත්සාහ දරන බව සබ්රි මහතා එහිදී පවසා ඇත.

ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වුවහොත් ඡන්දයක් ලබා ගැනීමට දීර්ඝ කාලයක් බලා සිටීමට සිදු විය හැකි නිසාවෙන් විපක්ෂය ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ආපස්සට තල්ලු කිරීමේ උත්සාහයක නිරත වන බව සබ්රි මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පෙන්වා දී ඇත . ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම ආරම්භ වන සෑම අවස්ථාවකදීම විරෝධතා ද ආරම්භ වන බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

 



අදහස් (2)

චීනයේ සහතිකය ගැන ලොකු බලා පොරොන්තුවක්

ganegoda Wednesday, 23 November 2022 04:58 PM

චීනය විතරයි දැන් අපිට පිහිට වෙන්න ඉන්න එකම දෙවියන්..!

:       3       2

ජගත් ලියනගේ Wednesday, 23 November 2022 06:09 PM

විකාර කතා කියන්න එපා මහත්තයා... මිනිස්සු අරගල කරන්නේ කරකියා ගන්න තැනක් නැති නිසයි. කසනවාට නෙවෙයි...

:       7       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 101 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site