
(අංජුල මහික වීරරත්න)
චීනයේ පැවැත්වෙන 2025 යොවුන් කරාතේ තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිතව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නියමිත කාලයට වීසා බලපත්‍රය සහ ගුවන් ටිකට්පත් ලබා නොදීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.
අදාළ ප්‍රමාදයන් නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී මුහුණ දීමට සිදු වූ අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කරන බවතරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
ක්‍රීඩා තරඟාවලි සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටත් කර හැරීමේ සම්පූර්ණ වගකීම අදාළ සංගමය සතු අතර නියමිත කාලය තුල දී වීසා බලපත්‍රය සහ ගුවන් ටිකට්පත් ලබාගැනීම සම්මෙලනයේ අදාළ බලධාරින්ගේ වගකීමක් වන බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
මෙලෙස නොසැලිකිලිමත් ලෙස ක්‍රීඩකයන් අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කිරීම පිළිබඳ අදාළ පර්ශවයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරම්පරා ගණනාවක සිහින බිඳ දැමූ, තාරුණ්‍ය කඩාකප්පල් කළ, ඔවුන්ගේ අනාගතය කුඩුපට්ටම් කළ ජවිපෙය රට ආණ්ඩු කරන කොට මෙවන් දේ සිදුවීම අරුමයක් නොවෙයි.
හිස උදුම්මවා ගත්තූ කිසිම ක්‍රීඩාවක් ගැන කිසිම දැනුමක් නැති එවුන් ටිකක් තමයි මෙවැනි අඩත්තේට්ටම් කරන්නේ. ඔවුන්ගේ පස්ස පැත්තට දෙකක් දීලා ඇලවලා දාන්න තියන්නේ.
ඕකේ පිටිපස්සේ පොහොට්ටුවට ගැතිකම් කරන කුහක නිලධාරී සෙට් එකක් ඉන්නවද බලන්න