
තෙවන වරටත් චීන ජනාධිපති ධුරය සඳහා තේරී පත් වූ ෂී ජින්පින් එරට අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඔහුගේ සමීප ආධාරකරුවකු වන ලී චියෑන්ග් නම් කර තිබේ.
ලී චියෑන්ග් ශැන්ග්හායි හි හිටපු කොම්යුනිස්ට් පක්ෂ ප්‍රධානියා වේ. හිටපු අග්‍රාමාත්‍ය ලී කිකියෑන්ග් තම වසර 5 බැගින් වූ ධුර කාල දෙක අවසන් කිරීමෙන් පසුව විශ්‍රාම ගෙන තිබේ.
චීන ජනාධිපති ෂී ජින්පින් තෙවැනි ධුර කාලයක් සඳහා ජනාධිපති ධුරයට පත්කර ගැනීම පසුගියදා සිදුවිණ. ඒ, චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය ඒ සඳහා හිමිවීමෙන් පසුවය.
බටහිර ධනපතිවාදයට එරෙහිව, චීන කොමියුනිස්ට් විප්ලවය මෙහෙයවූ මාඕ සේතුංගෙන් පසු එරට ජනාධිපති ධුරයට පත්වුණු බලවත්ම නායකයා ලෙස සැලකෙන්නේ ෂී ජින්පින් ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්ත්‍ර, මන්ත්‍ර, වශී ගුරුකම් කරන වැද්දෝ අපේ රටේ ඉන්නවා නේද? කාටවත් බැරිද චීන අගමැති කාටහරි වාසි කරලා දෙන්න... මොකද අපේ රටට ණය ආධාර ගේන්න පුළුවන්නේ..!