
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කැනෝයිං සහ කයාකිං ජාතික සංගමය විසින් පවත්වන ලද චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී කණ්ඩායම් 25 ක සහභාගීත්වයෙන් පැවැත්විණි.
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලියෙන් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට කුසලාන සහ සහතික පත්‍ර පිරිනැමීමත්, මහජන චීන සමූහාණ්ඩුවෙන්, ලක්ෂ 50 ක වටිනාකමක් සහිත මකර බෝට්ටු පහක් මෙරටට ලබා දීමත් මෙම අවස්ථාවේ දී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, මෙම චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව කුසලාන ශූරතාවලිය සහ මකර බෝට්ටු උළෙල දෙරට අතර මිත්‍රත්වයේ, සංස්කෘතියේ සහ සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, චීන තානාපති, කී ශැන්හොන් මහත්වරු ද සහභාගී වී සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" මකර බොට්ටු" යනු මොනවාද කියා නොදන්නා අයට පැහැදිලි කිරීමට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් චූටි කොමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මෙ " මකර බොට්ටු " ලක්ෂ 50 ක් වටිනවා කියන්නේ කුමන රටක මුදල් වලින්ද කියා නැහැ.... රුපියල්ද, යුවාන්ද, ඩොලර්ද, යූරෝද, නැත්නම් වෙනත් රටක භාවිතා කරන මුදල් ද ???
ජීවන්දර මහාචාර්යතුමා කියල තියෙනවා කොවිඩ් ආයෙත් එන්න පුලුවන් කියල .මාතෘකාව දැක්කමත් එහෙම හිතුනා (කොවිඩ් මකරා) කතාව බැලුවම මේ ක්‍රීඩා බෝට්ටු හතරක් ගැන කියල තියෙන්නෙ
ලංකාව මකර කටින් යන්තන් ගැලවිලා මකර බෝට්ටුවකටද ගොඩ වෙලා තියෙන්නෙ?
ආපහු ගෙනියනවට වඩා අපට තෑගි දීලා යන එකේ ලාභයක් තියෙනවා.
මකරා පෙන්නන්නේ සූක්ෂම අයුරින් ඔවුන්ගේ සංස්කෘතිය අපිට පොවන්න. ඕවා මකරා බෝට්ටු කාරයන්ට තේරෙන්නේ නෑ.