(රෝෂන් තුෂාර)
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අපහාසාත්මක ප්‍රකාශ කිරීමෙන් සිදුවූ කීර්ති හානියට රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන්නයි ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාට එරෙහිව පැවරු නඩුව සමථයකට පත්කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (05) නියෝග කළේය.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කණගාටුව ප්‍රකාශ කරන බවට විත්තිකාර අසේල සම්පත් මහතා ප්‍රකාශ කිරීම හේතුවෙන් නඩුව සමථයකට පත් කිරීමට ජයසුමන මහතා කැමති ප්‍රකාශ කිරීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙසේ සමථ නියෝගය ප්‍රකාශයට පත් කළේය.
පිට කෝට්ටේ ප්‍රදේශයේ රුපියල් මිලියන 200 වටිනා නිවසක් සම්බන්ධයෙන් 2021 ජූලි මාසයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ නිකුත් කර තමන්ට අපහාස කළේ යැයිද ඊට වන්දි අය කරදර ඉස්සර ලෙසද ඉල්ලා මෙම නඩුව පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයසුමන මහතාණෙනි, ඔබ හා සසඳා බලන විට අසේල නැමැත්තා ඔබගේ වාතයක් නොවටිනා පාන්පිටි අඹරන්නෙකි. ඔහු හා ගණුදෙනු නොකර වන්දි නඩුව ඉදිරියට ගෙනියන්න.