(විමුක්ති එස් රුද්‍රිගු)

චීනයේ කොවිඩ් රෝගය නැවත වරක් හිස එස වීමත් සමඟ චීන ජාතිකයන් කොවිඩ් රෝගය සමඟ සටන් කිරීමට දේශීය ක්‍රම වලට යොමු වීම හේතුවෙන් ලෙමන් වලට තිබෙන ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි චීන මාධ්‍ය පවසයි.

තම ප්‍රතිශක්තීකරණය ඉහළ දමා ගැනීම සඳහා විටමින් සී බහුල ආහාර මිලදී ගැනීමට බෙයිජිං සහ ශැන්ග්හායි නගරවාසීන් පෙළඹීම හේතුවෙන් ලෙමන් වලට අධික ඉල්ලුමක් මෙසේ ලැබී ඇතැයි ලෙමන් වගාකරුවන් ප්‍රකාශ කර ඇත.

පවතින ලෙමන් ඉල්ලුමට සැපයුම් ලබා දීම සඳහා දවසට පැය 14ක්  වැඩ කිරීමට සිදුව ඇති බවත් සතියට ලෙමන් ටොන් 5 ත් 6 ත් අතර ප්‍රමාණයක් අලෙවි කළ තමන් දැන් ටොන් 30 අලෙවි කරන බවත් එක් වගාකරුවෙකු චීන මාධ්‍ය වෙත පවසා තිබේ.