(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරණයක් ප‍්‍රකාශ කර තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා තරග බිමෙන් ඉවත් කිරීමේ කුමණ්ත‍්‍රණයක මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා නිරත වී ඇතැයි ඒ මහතාගේ සොහොයුරෙකු වන කලා ශිල්පී ඉන්ද්‍රනාත තේනුවර මහතා පැවැසීය.
තරග කර ජයග‍්‍රහණය කරනවා වෙනුවට විරුද්ධවාදීන්ට කකුල් මාට්ටු යෙදීමට තම සොහොයුරා ගෙන ඇති උත්සාහය තමන් හෙළා දකින බවත් ඔහු සඳහන් කළේය.
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් යම් ගැටලූවක් තිබුණේනම් ඒ සම්බන්ධයෙන් මෙයට පෙර ක‍්‍රියා කිරීමට තිබූ බවත් පැවසූ ඉන්ද්‍රනාත තේනුවර මහතා අවසන් මොහොතේ තම සොහොයුරා සිදුකළ මෙම ක‍්‍රියාදාමය පිළිබද තමන් පසුතැවෙන බවත් සදහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ හෝ වෙනත් දැවැන්ත දේශපාලන ප‍්‍රවාහයක උවමනාව මත තම සොහොයුරා ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් චෝදනා කරන්නට ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අධිකරණය විසින් විසදා දෙනු ඇත. අපි හැමෝම එතෙක් බලා සිටිමු.
සෞන්දර්ය නිකේතනයේ දේශපාලන සම්බන්ධ, පුද්ගලික අවලාද මාධ්‍ය සාකච්ඡා තියන්න පුළුවන්ද ?
නිතිය සැමට එක බව ඔහුගේ සොහොයුරා උනත් ඔබ දැනගෙන ඉඳලා නෑ.
ප්‍රසිද්ධිය පස්සේ දුවන කෙනෙක්. හරි හෝ වැරදි බව ගරු අධිකරණය තීරණය කරයි.
රාවනා රජු රාම සමග සටන්කරත්දී තම සොයුරු රාවනා පැරදවීමට සහාය දුන්නේ රාවනාගේ සොහොයුරු විභීසනයි. ඉන් සිදුවුනේ ලොක්යේම දියුණු රටක්ව තිබුන ලංකාපුරය විනාශවීමයි. සහෝදරකමට වඩා බලයට කෑදර වුන් දැන් පමණක් නොව අතීතයේත් සිටියා
හොඳ ප්‍රචාරයක් ගන්න පුළුවන් නොමිලේම. මෙහෙම කෙනෙක් හිටිය කියල මීට පෙර කවුරුත් දන්නේ නෑනේ.
හැමෝම දන්නවා මේ දේශපාලන ගේම් එකක් කියලා. සහෝදරයා හැටියට ඉදිරියට ඇවිත් මේක කියපු එක ගැන සතුටුයි
කෙනෙක් උසාවියට යන එකට තව පිරිසක් මේ තරම් ඔරොප්පු ඇයි කියලා තේරුම් ගන්න අමාරුයි. යමෙකුගේ අපේක්ෂකත්වයට නුසුදුසු කමක් ගැන කවුරුන්හෝ යමක් දන්නවා නම් එය අධිකරණය ඉදිරියට ගෙන යාමේ වරද කුමක්ද? ලංකාවේත් ජනප්‍රිය විදේශ නළුවෙක් / ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙරට ජනපතිවරණයට තරග කළොත් ජනතාවට සුදුස්සා තෝරන්න ඉඩ ඇරලා නිකම් ඉන්නද කියන්නේ.
නීතිමය ක්‍රියාවලියකට අධිකරණයට යන එක කුමන්ත්‍රණයක් කියලා දැනගත්තෙ මේ උන්නැහේගෙන් තමා .
සහෝදරයා මහාචාර්ය වෙලා මෙයා මෙච්චර මෝඩ වුනේ ඇයි. නඩු දාන්ඩ හේතුව ජනාධිපතිවරණයට ඉල්ලීමම තමයි. මොකද ද්විත්ව පුරවැසියෙකුට ඒක කරන්ඩ බැරි නිසා. කලින් නඩු නොදැම්මෙ නිකං මිනිහෙකුගෙ පුරවැසිකම කාටවත් අදාල නැතිනිසා
අච්චර යුද්දේ ඉවරකරනකොට , කොළොඹ ලස්සන නගරය විදිහට සම්මාන ලබනකොට කරබාගෙන ඉදල දැන් මොකක්ද මේ කැක්කුම ....
මේ අපේක්ෂකයාට ඔය නඩුව පමණක් නොවෙයි තවත් බරපතල වෝදනා තිබේ. ඇවන්ගාර්ඩ් මංකොල්ලය,රාජපක්ෂ කෞතුකාගාරයට රජයේ මුදල් යොදා ගැනීම,ලලිත් කූගන් අතුරුදහන් කිරීම නඩු කිහිපයක් විතරයි. මෙවැනි බරපතල චෝදනා තියෙන කෙනෙක් රටේ ජනාධිපති කරන එක හරිද?
ඉන්ද්‍රනාථ තේනුවර කියන්නේ ප්‍රසිද්ධියේ පස්සේ දුවන මනුස්සයෙක් නෙවෙයි ඔහු ගේ කලා හැකියාවන් දක්ෂයන්ට නොමිලේ බෙදා දෙන කෙනෙක් එහෙම කරන්නෙත් අප්‍රසිද්ධියේ ඔහු ගැන වැරදි වැටහීමක් ඇති අයට දැන ගැනීම පිණිසයි
රටේ ආරක්ෂාවට වගේම ස්වයීරීභාවයට විශාල තර්ජනයක් විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටක පුරවැසිභාවය තිබෙන හෝ තිබුන පුද්ගලයෙක් රටේ ප්‍රධානියා තරගයට ඉදිරිපත්වීම. ඒ වගේම මේ කෙනාගේ පවුල සහ ලමයි තවමත් ඇමරිකන් පුරවැසියෝ. ඉතින් ඇමරිකාවට ඕන වැඩක් මේ පුද්ගලයා හරහා ලස්සනට කරගන්න පුලුවන් ලමයි සහ පවුල ඇපයට තියාගෙන. ලේකම් කාලෙත් ඇමරිකාව එක්ක ගිවිසුම් ගසා රට පාවාදීපු පුද්ගලයෙක්නේ. රට පාවාදෙන ඇමරිකන් රූකඩය රටට තර්ජනයක්.
ඔය මහාචාර්ය කියන අය ලනු දෙන්නත් , ලනු කන්නත් අති දක්ෂයෝ.
සෞන්දර්ය නිකේතනය වැනි තැනක මෙවන් මාද්‍ය සාකච්චා තියන්න පුළුවන් වීම ගැන ඉතාමත් දුකට පත් වෙමි . ලංකාවේ සෞන්දර්ය, කලාව වැනි උරුමයන් දේශපාලනයෙන් යටවී යනබව මොහුගේ ක්‍රියාවෙන් හැඟේ . මොහුගේ වග කීම මොකක්ද සොයා බැලුවොත් , මොහුට තිබෙන බලය මොකක්ද බැලුවොත් මොහුට ගොටාගේ පිලෙන් ලැබෙන මුදල් ලාබ ප්‍රොයෝජන හොයා බැලුවොත් , මොහු ඔවුන්ගේ ගොට්ටෙක් බව සැමට තේරුම් යාවි .
ඉන්ද්‍රනාත තේනුවර කියන්නෙ ගෝලයො බිහිකරපු මෙරට අති දක්ෂ කලාකාරයෙක්- විශේෂයෙන් ඡායාරූපකරණයට අදාළ දේ සම්බන්ධ
පුරවැසිකම නැති කෙනෙකුට මහ බැංකුව දෙන කොට මෙ මහාචාර්ය හිටියේ කොහේද ?
මේ වගේ සහෝදරයෝ ඉන්නවා සමහර පවුල්වල.
අනේ පිස්සුද එය එහෙම නෑ අනේ! රට ගැන තියෙන ආදරේට, කැක්කුමට පෙත්සම දැම්මේ.
මහ බැංකුවේ අධිපතිකම ලාංකිකයෙක් නොවූ කෙනෙකුට දෙනකොට, මහබැංකුව කඩනකොට, බදුර්දීන්ලා විල්පත්තු එළි කරනකොට, හිස්බුල්ලලා ජාතිවාදය පතුරන කොට, ජාතිය ගැන මෙතරම් කැක්කුමක් ඇති පුරවැසි බලයේ මහත්වරු කොහේ උන්නද මන්දා..
යාපා ඔබ ව්‍යවස්ථාව නොදන්නවා ඇති. ආරක්ෂක ලේකම් හෝ මහාබැංකු අධිපතිගේ පුරවැසිබව කොහෙවත් සඳහන් වෙන්නෑ. නමුත් 19වැනි සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසියෙකුට ඡන්දෙ ඉල්ලන්න බෑ...
කාලෙකට හොඳ කතාවක් එවනවා හපහප ඉන්න. නමුත් තව අවුරුදු 5කින් පස්සේ බලපුවම වැරදි නොකරපු අපි පැරදී වැරදි කරපු අය දිනුම්... එනමුත් පාර්ලිමේන්තු යන අයට බැනලා වැඩක් නැහැ. කතිරය ගහන අය වැරදි මිනිස්සු යවන නිසා... එ්ක නිසා ඔහොම යන කොට හොඳ කලක් එ්වි...