
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක ජිවත්වන පවුල් 250කට අවශ්‍ය ආහාර පානාදිය රැගෙන කොළඹ 07, නාරද බෞද්ධ ධර්මායතනාධිපති තලල්ලේ චන්දකිත්ති හිමියෝ එම ගම්මානයට වැඩම කළහ.
23 විජයබා පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බුද්ධික අතුකෝරල මහතාගේ ඉල්ලීම පරිදි කොරෝනා ව්‍යසනයෙන් අසරණ වූ මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ගම් කිහිපයක සිටින දමිළ වැසියන් 250 දෙනකුට ගෙයින් ගෙට ගොස් රුපියල් 4500 ක පමණ වටිනාකමකින් යුත් ආහාර මලු බෙදා දෙනු ලැබීය.
එහිදී අදහස් දැක් වු චන්දකිත්ති හිමියෝ කොරෝනාව ජාති ආගම් කුල මල භේදයක් නැතිව සියලු ජනතාව පීඩාවට පත් කර ඇති සමයක අනවශ්‍ය වාද භේද කරපින්නාගෙන අසරණයන්ට පිහිට නොවී සිටීම සංවේගයට කාරණාවක්. මෙවන් අවස්ථාවක රටවැසියන් හැටියට අපි සැවොම එකට හිඳ පොදු සතුරා වන කොරෝනාව පරාජයට පත් කළ යුතුයි. ඒ වගේම ඔවුනොවුන්ට පිහිට විය යුතු යැයි පැවැසූහ.
මෙම අවස්ථාවට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජනරාල් සිසිර පිලපිටිය සහ 642 බළසේනාධිපති බ්‍රිගේඩියර් ශශික පෙරේරා යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු රැසක්ද සහභාගී වූහ.
මෙම සද්කාර්යයට දායක වූ කොළඹ 07, නාරද බෞද්ධ ධර්මායතනයේ දායක පිරිසට සහ දෙස් විදෙස්හි වාසය කරන චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ දායක පිරිසට මේ අවස්ථාවට එක් වූ වත්තේගම නිපුණ හිමියෝ පුණ්‍යානුමෝදනා කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිසුන්ට උදව්, උපකාර කිරීම කොතරම් උතුම්ද?. භාග්‍යවතුන් වහන්සේගේ දේශණය එයයි...
පාලකයින් තම පැවැත්මට ජාති බේදය වපුරද්දී අපි මෙත් සිත වපුරමු..
හරි අගෙයි. ප්‍රබල සංකේතාත්මක සත්ක්‍රියාවක්. ඒ ආකල්පයෙන් සහ ආකාරයෙන් කරදර නැති කලදීත්, එදිනෙදා ජීවිතයේ දී කටයුතු කළ හැකිනම්..! සුබපැතුම් සහිතව.
හිමිනමක් විදිහට ඔබවහන්සේ විතර හරි දේ කරන්නේ... අගය කළ යුතු වැඩක්...