
(මහින්ද නිශ්ශංක)
ප්‍රථම වතාවට චීනයෙන් ආනයනය කළ ලොකු ලූණු මේ දිනවල පිටකොටුව තොග වෙළෙදපොළෙන් මිලදී ගත හැකි බව ආනයනකරුවෝ හා තොග වෙළෙන්දෝ පවසති.
මෙම චීන ලොකු ලූණු කිලෝවක තොග මිල රුපියල් 320 ක් පමණ වන බවත් එම ලූණු හොද තත්වයේ පවතින බවත් ඔවුහු කියා සිටිති.
ඉන්දියාව හා පකිස්ථානය ලොකු ලූණු අපනයනය තහනම් කිරීමෙන් පසුව මෙරට ආනයනකරුවන් හා තොග වෙළෙන්දන් බලවත් අසීරුතාවකට පත් වූ බව ද ඔවුහු පවසති.
පසුව ආනයනකරුවන් හා තොග වෙළෙදුන් චීනයෙන් ලොකු ලූණු ආනයනය කිරීම ආරම්භ කළ අතර එම චීන ලොකු ලූණු ඊයේ (1) සිට පිටකොටුව තොග වෙළෙදපොළේ අලෙවි කරන බවද ඔවුහු පැවැසූහ.
මේ අනුව උත්සව සමයේ ලොකු ලූණු හිගයක් ඇති නොවන බවත් පාරිභෝගිකයන්ට අවශ්‍ය තරම් ලොකු ලූණු හිගයකින් තොරව මිලදී ගත හැකි බවත් ආනයනකරුවෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන ලොකු ලූණූ පිටකොටුවට ඇවිත්
Bamunuarachchi Thursday, 04 April 2024 06:03 AM
චීන එළවලු, අල වර්ග ළුණු කන්න එපා. උන්ගේ අහාර ද්‍රව්‍ය ගැන කිසිම විස්වාස යක් නැහැ.