
(අංජුල මහික වීරරත්න)
චීන පොහොර නැව අනිවාර්යෙන්ම නැවත ලංකාවට එන බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
කලින් වතාවේ එම පොහොර නැවට ගෙවීම් කර ඇති බැවින් මෙවර ගෙවීමක් කිරීමට අවශ්‍ය නොවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා චීන සමාගමේ නිර්දේශ අනුව ලෝකය පිළිගත් පර්යේෂණාගාරයක ද ලාංකික පර්යේෂණාගාරයකද පරීක්ෂණ කටයුතු කොට එම පොහොර ගෙන්වීමට කටයුතු කරන බව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ලාංකික පර්යේෂණාගාරවල පොහොර පරීක්ෂා කොට අසමත් වුවහොත් එම පොහොර ගෙන්වන්නේ නැතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා මුලින් ගෙවූ ගානටම නැවත පොහොර ලබාදීමට එම සමාගම එකඟ වූ අතර එයින් ලංකාවට ලොකු ලාභයක්ද ලැබෙන බව සඳහන් කළේය.
මෙවර ඝන පොහොර නොව මුලට යෙදිය හැකි දියර පොහොරක් ගෙන් වීමට අවධානය යොමු වී තිබෙන බවද ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
දින විසි හයක් ඇතුළත එම පොහොර ගෙන්වීමට කටයුතු කරන බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජරාව කාලා ඒවා මහජනතාව පිට පටවන කාලකන්නි. කිසිම ලැජ්ජාවක් නැතිව කතාකරන විදියට කොතරම් රාජ්‍ය ධනය අවභාවිතා කරනවාදැයි පේනවා...!!!
කොහොමද එහෙම වෙන්නේ...?