(විමුක්ති එස් රුද්‍රිගු)
යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව අගෝස්තු 16-22 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට අවසර ලබා දුන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
යුවාන් වැන්ග් 5 නෞකාව අගෝස්තු 16 වෙනි දින හම්බන්තොට වරායට ළඟා විය හැකි බව චීන රජය විදේශ කටයුතු අමාත්‍යංශයට දැන්වූ බවත් ඉන්ධන සහ අනෙකුත් සැපයුම් ලබා ගැනීම සඳහා අගෝස්තු 16-22 වෙනි දින දක්වා හම්බන්තොට වාරයේ නැංගුරම් ලෑමට අවසර දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලා සිටි බවත් එම නිවේදනයේ දැක්වේ.
සියලු කාරණා සලකා බැලීමෙන් අනතුරුව අද(13) ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය අගෝස්තු 16-22 දක්වා යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට අවසර දුන් බව එම නිවේදනයේ සඳහන් වේ.
සියලු රටවල් සමඟ සහයෝගීත්වයෙන් සහ මිත්‍රත්වයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය බව විදේශ කටයුතු අමාත්‍යංශය නැවත වරක් අවධාරණය කළේය.
අසල්වැසියාගේ ආරක්ෂාව සහ සහයෝගීත්වයට ශ්‍රී ලංකාව සැමවිටම ප්‍රමුඛතාව ලබා දෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයට ජයවේවා! 中国万岁!
ඉන්දියාව තරහ වුණාට කමක් නෑ...