(යොහාන් භාසුර)

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (23) පෙරවරුවේ හමුවිය.

චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික සන් හයියන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලින් ටාඕ, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සලර් චින් ෂින්ග්යුයන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලී ජින්යන්, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙන් ඩුන්, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම් ජින් යාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ජින් එන්ෂි සහ භාෂා පරිවර්තක ෂුන්ග් ගුයු යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධාය සභිකයින් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ සුනිල් හඳුන්නෙත්ති යන මහත්ම මහත්මීහූ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.