
(අංජුල මහික වීරරත්න)
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජිත කණ්ඩායමක් නිරීක්ෂණ චාරිකාවක් බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයට පැමිණියහ.
මෙම නියෝජිත පිරිසට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ තොරතුරු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් KANG Shuai, බීජිං නාගරික කමිටු පක්ෂ පාසලේ සහය මහාචාර්ය JIANG Wen , චීන කොමියුනිස්ට් පක්ෂයේ තොරතුරු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ZHANG Guifeng මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
නියෝජිත පිරිස ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයට පැමිණ ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ස්වාභාවික ආපදා තත්වය සම්බන්ධයෙන් සහ විපතට පත්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දේවානන්ද සුරවීර, ලක්මාලි හේමචන්ද්‍ර සහ මහරගම නගර සභාවේ නගරාධිපති සමන් සමරකෝන්, උප නගරාධිපතිනි රන්ජනී නාඔටුන්න, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැලවත්තේ නෙමෙයි නේද..? ඔය මහරගම කාර්යාලය නේද..?