IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති

(අංජුල මහික වීරරත්න)

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද එම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳව මෙන්ම ආර්ථික අර්බුදය ජය ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදී සාකච්ඡා කළ බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.

මෙහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් මහත්මිය ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සහ ආර්ථික අර්බුදය ජය ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජය ගෙන යන වැඩ පිළිවෙල පැසසුමට ලක් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

 



අදහස් (2)

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති

Lakmal Thursday, 25 April 2024 06:45 AM

චයිනා වල හරක් පට්ටියක් බලාගන්න එන්න කියන්න ඇති .ආහ් ජනාධිපති ආර්යාවත් ඉන්නේ

:       2       6

Kazi Shajahan Thursday, 25 April 2024 12:07 PM

චීන මෑන් ට පිස්සුද මන්දා ,මොන සාකච්චාද .රුවන් ලා සාගර ලා තව ඕනේ නම් මාස දෙකක් ඉදී .ඊට පස්සේ වැඩිහරියක් හිරේ තමයි .අලුත් ආණ්ඩුව අවාහම

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site