(කේ බුද්ධික කුමාරසිරි)
මීගොඩ පොලිස් වසමේ ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ ව්‍යාපාරිකයෙකු ගේ නිවසකින් සොරකම් කරන ලද රු රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ වටිනා අත් ඔරලෝසුවක් සමගින් " චාටර් චූටි" නැමැති සැකකරුවෙක් හෙරොයින් පාර්සලයක් සමගින් අද (04) දින අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි
ඉකුත් වෙසක් පොහෝ දින සැකකරු විසින් මෙම සොරකම සිදුකර තිබුනු අතර අදාල මැණික විකිණීමට භාර ගත් ව්‍යාපාරිකයෙකු සහ මැණික් ගලෙහි හැඩය වෙනස් කිරීමට භාර ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ද සැකපිට අක් අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි
අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මීගොඩ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අත් අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සංතකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20 මිලි ග්‍රෑම් 300 ක් ද සොයා ගත් බව ත් සැකකරැ දැඩි ලෙස හෙරොයින් පානයට හුරැ වූ අයෙකු බවත් නිවාසවලට පැන සොරකම් කිරීම පුරැද්දක් ලෙස සිදු කර ඇති බවත් අනාවරණය වූ බවද පොලිසිය පවසයි
අත් අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් අතර අදාල මැණික විකිණීමට බාර ගත් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සහ මැණික් ගලේ හැඩය වෙනස් කිරීමට භාර ගත් ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 68 හැවිරිදි පුද්ගලයකු වන බවද පොලිසිය පවසයි
ඉකුත් වෙසක් පොහොය දින ප්‍රධාන සැකකරැ විසින් අදාල ව්‍යාපාරිකයාගේ නිවසට සොරෙන් ඇතුලු වී රැපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා බව කියන රත්‍රං භාණ්ඩ සහ මෙම මැණික සොරකම් කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
551
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘චාටර් චූටි’ කෝටි 35ක මණිකත් සමඟ මාට්ටු