(ගයාන් සූරියආරච්චි)

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගිනි අවි තුනක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී රුසියාවේ නිෂ්පාදනය කරන ලද ගිනි අවියක්ද, මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි දෙකක් විශේෂ කාර්ය බළකාය භාරයට ගනු ලැබීය.

සැකකරුවන් විසින් අක්කර 6 ක ගංජා වගාකර තිබූ බවද පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් දින 5 ක් පුරාවට සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.