(යොහාන් භාසුර)
සෞඛ්‍ය සේවාවට අදාළ ගැටළු ජනමාධ්‍යයට ප්‍රකාශ කිරීම තහනම් කරමින් සෞඛ්‍යය ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍යය වෘත්තිය සමිති හෙට (3) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ධනය තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා අද දින කැඳවූ විශේෂ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණයට එළඹි බව ද කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ආයතන සංග්‍රහයේ විධිවිධාන යටතේ සහ වෘත්තිය සමිති ආඥා පනත පනතට අදාලව වෘත්තිය සමිති නායකයන් සඳහා ඇති අනුග්‍රහයක් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයෙහි සඟවා ඇති බව වෘත්තිය සමිති පාර්ශ්වයෙන් යොමු කළ බවත් ආයතන සංග්‍රහයට අනුකූලව සහ වෘත්තීය සමිති නායකයන් සහ වෘත්තීයවේදී ආයතනවල ආයතනවල ප්‍රධානීන්ට ඇති අයිතිය උල්ලංගනය නොවන ආකාරයට එම චක්‍රලේඛය නිකුත් කර ඇති මෙන්ම ඒ අයිතිය වෘත්තිය සමිතිවලට තවදුරටත් තිබෙන බවත් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී ප්‍රකාශ කළ බවද රවි කුමුදේශ් මහතා කීය.
එසේම වෘත්තිය සමිති මර්දනය කිරීම සඳහා තමන් කිසිසේත්ම කටයුතු නොකරන බවත් සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් අදහස් දැක්වීමේ දී සැලකිලිමත් වෙන ලෙස පමණක් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී ඉල්ලා සිටි බවද කී කුමුදේශ් මහතා මේ පිළිබඳව වෘත්තිය සමිති සහ සෞඛ්‍යය ලේකම්වරයා අතර ලිඛිත එකඟතාවයකට පැමිණීම හේතුවෙන් හෙට දවසේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවීමට වෘත්තීය සමිති කමිටුව තීරණය කළ බවද සඳහන් කළේය.
සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් සහ රෝගීන්ගේ අයිතිය සුරැකීමට අමතරව වෙනත් ඉලක්කයක් සෞඛ්‍ය වෘත්තිකයන් තුළ නොමැති බව වෘත්තිය සමිති එහිදී අවධාරණය කළ බව ද රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘චක්‍රලේඛයෙන් වෘත්තීය සමිති අයිතිවාසිකම්වලට බලපෑමක් නෑ‘‘
Willow Drive Wednesday, 02 August 2023 12:12 PM
ජයවේවා