IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඝාතන සැකකාරිය වසර 33 කට පසු කොටුවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ ) 

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු  උපක්‍රමශීලීව නිවසට ගෙන්වා ගෙන පහරදී ඝාතනය  කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි  අඹු සැමි  යුවළකගෙන් කාන්තාව බණ්ඩාරගම පමුණුගම නිවසක සැඟව සිටියදී වසර   33කට පසු අත්අඩංගුවට ගත් බව  මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි

සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුනේ වඩු ආරච්චිගේ අමරසිරි යන අයයි

අත්අඩංගුවට ගත් සැකකාරිය එවකට ඝාතනයට ලක් වූ ඉංජිනේරුවරයා සිටි කාර්යාලයේ ඉංග්‍රීසි ලගු ලේඛිකාවක් ලෙස කටයුතු කර ඇති අතර දෙදෙනා අතර අනියම් සබඳතාවයක්  පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි

 ඒ සම්බන්ධයෙන් සැකකාර ලගු ලේඛිකාවගේ ස්වාමිපුරුෂයා වන දැනට අතුරුදන්ව සිටින සැකකරුට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව  සැකකාරිය ලවා ඉංජිනේරුවරයාව 1989 ජනවාරි 13 වෙනි දින ඔවුන් පදිංචිව සිටි අතුරුගිරිය වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවත නිවසට උපක්‍රමශීලීව ගෙන්වාගෙන තිබූ බව පොලිස්  විමර්ශනවලදී අනාවරණය වී තිබිණි

අනතුරුව සැකකාර අඹුසැබි යුවළ එක්ව ඉංජිනේරුවරයාට පහරදී ඝාතනය කර ශරීරයේ කොටස් කර බැරලයකට බහා ඔවුන්ගේ වත්තේ පාළු ළිඳකට දමා වසා දමා තිබූ බව පොලිසිය කියයි

 



අදහස් (0)

ඝාතන සැකකාරිය වසර 33 කට පසු කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site