(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කඩවත ප්‍රදේශයේ තරුණයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පහර දී ,මුඛයට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමේ තැත්කළැයි කියන සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙක් කොලොන්නාව නාගහමුල්ල ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු“ කට් ඉෂාර” නමින් හදුන්වන තිස්එක් හැවිරිදි තරුණයකු බවත් ඔහු සතුව තිබු මොටර් රථයක් ,අයිස් මත්ද්‍රව්‍ය, කඩුවක්, මන්නා පිහියක් හා ජංගම දුරකතනයක් තිබු බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කන්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 23 වැනි දා සැකකරු එම තරුණයා පැහැගෙන ගොස් තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd