(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෛනිකව පොලියට මුදල් ලබාදීමේ රැකියාවේ නියුතු පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන පුද්ගලයකු වසර නමයකට පසු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට ලක්ව තිබුණේ වීරකැටිය ප්‍රදේශයේ රොෂාන් මදුෂංක හෙවත් රන් මල්ලි නැමැත්තාය.
2013 මැයි 6 වෙනි දින ඝාතනය සිදුවී තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරිණි.
ඝාතනයට ලක්වූ රන් මල්ලි නැමැත්තා දිනෙන් දින දියුණු විම නොරිස්සූ සැකකරු මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.
සැකකරුගේ උපදෙස් මත ඝාතනය සිදුවීමෙන් අනතුරුව එම දිනවල ම කොළඹට පැමිණ තිබූ සැකකරු පසුව මාතර ට පැමිණ පැරණි විවිධ භාණ්ඩ එකතු කරන පුද්ගලයකු මෙන් වෙස් වලාගෙන කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
378
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඝාතන කොන්ත්‍රාත්කරුවෙක් වසර නවයකට පසු මාට්ටු