
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම ජුනි මාස සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පැවසීය.
ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ ගෑස් මිල සංශෝධනය නොකරන බවත් ඒ අනුව 2026 මැයි මාසයේ පැවැති මිල ගණන් මෙම මාසයේ ද ක්‍රියාත්මක වන බවත් එම සමාගම කීය.
ඒ අනුව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,765 ක, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,910 ක සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890 ක පවතින බව ද ලිට්‍රෝ ගෑස් සමාගම වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංකොළොත් විපක්ෂෙට පාඩුයි.