IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගහෙන් වැටුණු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගොනත් ඇනලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සඳහා යහපාලන ආණ්ඩු සමයේ සිට ලබා දුන් සියයට 15ක පොලී අනුපාතය සියයට නවය,දහය මට්ටමකට අඩුකිරීමෙන් වැඩිහිටි පරපුර දැඩි අසීරුතාවකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම  මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙලෙස ලැබෙන සොච්චම් පොලියටත් සියයට පහක බද්දක් අය කරන බව කී මන්ත්‍රීවරයා එය  ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ ක්‍රියාවක් බව සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ජීවිත කාලය පුරාම උපයා ගත් මුදල් ඔවුන් බැංකුවක තැන්පත් කරන්නේ දරුවන්ට බරක් නොවී බේත් හේත් ලබා ගැනීමට බවද මන්ත්‍රීවරයා කීය.

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය අඩුකර  ලැබෙන පොලියටත් යලි සියයට පහක බද්දක් ගහනවා නම් ඔවුන් ජීවනෝපාය ගෙනයන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ කළ මාන්නප්පෙරුම මහතා ටින් නම්බර් එකකුත් හඳුන්වා දී තිබියදී මෙලෙස පොලියටත් බදු ගහන්නේ ඇයිදැයි විමසීය.

පොලියට ගහන බද්ද නැවත ගන්න පුළුවන් කියා කිව්වත් එහෙම ගන්න ක්‍රමවේදයක් නැතැයි ද එහෙම ගත්ත කෙනෙකුත් නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (5)

ගහෙන් වැටුණු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගොනත් ඇනලා

සුබ අනාගතයේ සෞභාග්‍යය Wednesday, 21 February 2024 04:19 PM

එක් මංත්‍රී කෙනෙකුට හරි, ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට සිදුවී ඇති අසාධාරණ තත්වය තේරුම් ගන්න පුළුවන් වීම ගැන සතුටුයි... එතුමාට ස්තුතියි 1971 කාලයේ ජනතාව අතර කතාවක් තිබුණාලු ඔවුන් බලයට ආවොත් වයසක ජනතාව මරාදැමීමට කටයුතු කරනවා කියලා... කොහොමින් කොහොම හරි 71 කාලයේ තිබුණු ජනතා මතය 2019 ආණ්ඩුව හා වත්මන් පාලනය යටතේ ක්‍රියාත්මක වෙනවා කියලා නම් ඉතාමත් පැහැදිලියි... (ගෝඨාභය විස එන්නත් ගෙන්වා බලයෙන් එන්නත් කෙරෙව්වා... දැන් ලෝකයම එම එන්නත් විසයි කියලා සොයාගෙන තියෙනවා.. එන්නත් ගත් අපි විවිධ ආබාධවලින් පෙලෙනවා. ඊළඟට ආපු රජ්ජුරුවෝ ඔහුගේම පාලන කාලයේ දුන්නු බැංකු පොලිය කපාගෙන ජ්‍යේෂ්ඨ පුරවැසියන්ව මරණ මංචකයට ගෙනයාමට පොහොට්ටුවේ අනුහසින් ක්‍රියාත්මක කරනවා)...

:       5       25

Pankumburage Wednesday, 21 February 2024 05:00 PM

කවුද ගොනා...?

:       3       4

ජේෂඨ පුරවැසියෙක්. Wednesday, 21 February 2024 05:46 PM

වැඩිහිටි ජනතාව පත්ව සිටින තත්ත්වය සම්බන්ධයෙන් අජිත් මාන්නප්පෙරුම වැනි උගතෙකු කතා කිරීම ඉතා සතුටට කරුණකි. අනෙක් 224 ට මව්පියන් සහ වැඩි ගැන නොසිතෙන්නේ ඇයි. මන්ත්‍රීතුමාගේ යෝජනාවට විසඳුමක් ලබාදෙන්න.

:       0       30

ජේෂඨ පුරවැසියෙක් Wednesday, 21 February 2024 06:30 PM

ජේෂ්ඨ පුරවැසියාගේ අදහස එවා ඇත. එයද ඇතුලත් කරන්න.

:       1       12

සුමනා ලියනගෙ Thursday, 22 February 2024 01:24 PM

ඉතාමත් අසීරුවෙන් ජීවත් වෙන අපේ අර්ධ සාධක අරමුදලේ සුලු මුදලක් ස්ථාවර තැන්පතු කර ලැබෙන මුදලින් අඅපහසුවෙන් ජීවත් වුනා. දැනට ලැබෙන පොලී අනුපාතය 8.75% ඊලග කල් පිරෙන විට 7.75% දක්වා අඩුකර ඇතිබව බැංකුවෙන් දැනුවත් කලා. ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි අපි පිළිබඳව අදහස් දැක්වීම ගැන්. පාර්ලිමේන්තුවේ සිටින වෙන කිසිවෙක් මේ පිළිබඳ අදහස් දක්වන්නේ නැහ ඒ පිළිබඳ අපේ කනගාටුව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site