( ෂේන් සෙනෙවිරත්න )
මහනුවර ගැටඹේ දිය කපනාතොට පන්සලේදී පුද්ගලයකුට පහරදී ගස් බැඳ සිටියදී ඔහු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ නායක හිමිනම සහ ග්‍රාමාරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .
සිද්ධියෙන් මිය ගොස් තිබුණේ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ චමිල සුදීර රත්නායක (43) නැමැති හිටපු යුද හමුදා සෙබළෙකි .
ඔහු ඊයේ (07) අලුයම් කාලයේ එම පන්සල් පරිශ්‍රයට සැක කටයුතු ලෙස ඇතුළුවී සිටියදී පන්සලේ සිටි පිරිසක් ඔහුට පහර දී අත පය ගැට ගසා ගසක බැඳ දමා සිටියදී මියගොස් තිබුණි .
මියගිය පුද්ගලයාට එසේ අමානුෂික ලෙස පහරදී ගසක ගැටගසා දැමුවත් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමක් හෝ ඔහුට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කිරීමක් හෝ නොකිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුකෙරෙමින් පවතින අතරතුර පන්සලේ නායක හිමි නම අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාකොට තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තලේයිබාන් අනුකරණය. වෙනසක් නෑ. අපිත් ඒ වගේම ගෝත්‍රිකයි.
රටේ මහජන මුදල් කෝටි ගාණක් හොරකම් කරපු උන්ට හුරේ දානවා. සමහර විට මේ මනුස්සයා තමන්ගේ ළමයින්ට කන්න දෙන්න හොරකම් කරන්න ආපු තාත්තා කෙනෙක්ද දන්නෙ නෑ. ඒ මිනිස්සුන්ව ඒ තත්වෙට පත්කරපු හොරුන්ට ඔයා හාමුදුරුවරු තරම් කඩේ යන උන් නැතුව ඇති. ගරු නඩුකාරතුමනි මේ මිනිසුන් දෙන්නාට මරණ දඩුවම ලබා දෙන්න
අනේ හාමුදුරුවනේ, ඉස්කෝලේ යන කාලේවත් Victor Hugoගේ Les Miserables කියන පොත කියවා තිබුනේ නැද්ද? බුදු බණ කොහොම වෙතත් ඒ පොත කියවා තිබුනානම් ඔය අමාරුවේ වැටෙන්නේ නැත.
මිනිස්සු ගස් බඳින්න හොඳ නෑ' මේ දවස්වල මොකද ඔවුන් මැරෙනවා. පසුගිය දවසකත් මිනිහෙක් මැරුණා. හේතුව දන්නේ නෑ. බෙල්ල හිරවෙන්න ගස් බඳිනවද දන්නේ නෑ... පව් අසරණයාට නිවන්සුව පතමු.!
උදේට, හවසට, ඉරිදාට, පෝයට කණක් ඇහිලා නිදහසේ ඉන්න තියෙනවද? කණ් පැලෙනවා ලවුඩ්ස්පීකර්, බෆල් කන්දොස්කිරියාවට. දරුවෙකුට පාඩම් කරන්න බැහැ. අසනීප ලෙඩෙකුට බෙහෙත් ටික බීලා නිදාගන්න නැහැ. මහන්සිවෙලා වැඩකරලා ගෙදර ඇවිල්ලා විවේකයෙන් ඉන්න නැහැ. පන්සලට ගිහින් කාරුණිකව ඒ පීඩාවන් ගැන කිව්වාම දානේ ගේන්නත් එපාලු, පන්සලට එන්නත් එපාලු. ගෙවල් විකුණලා වෙන පැත්තකට යන්නලු. දැන් නම් හරි පුදුම දෙයක් වෙලා තියෙන්නේ... දුක් මහන්සියෙන් ඉගෙනගෙන හරිහම්බ කරලා කන බොන මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඇතැම් පූජ්‍ය / පූජකයින්ගේ අතපල්ලෙන් වැටුණු අය ගානට ජීවත්වෙන්න. ගරු පොලිස්පතිතුමනි, ආගමික ස්ථානවලින් සිදුකරන මහජන පීඩාකාරී පාරිසරික ශබ්ද දූෂණයට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න...