(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම පසුගිය මාස දෙක තුළ සියයට 25 කින් අඩු වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලි කප්පාදුව හේතුවෙන් සියයට 7 ක පමණ ඉල්ලුම අඩු වී ඇති බවත් මේ දිනවල පවතින උෂ්ණත්වය පහත වැටීම නිසා ඉතිරි සියයට 15 ක් පමණ අඩුවී ඇති බවත් රත්නායක මහතා කීය.

විදුලි ගාස්තු වැඩිවීමෙන් විදුලි පරිභෝජනය අඩුවේ යැයි පොඩි බලාපොරොත්තුවක් තිබෙන බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය.