IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ගාස්තුව වැඩිවීමෙන් පාරිභෝජනය අඩු වෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම පසුගිය මාස දෙක තුළ සියයට 25 කින් අඩු වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලි කප්පාදුව හේතුවෙන් සියයට 7 ක පමණ ඉල්ලුම අඩු වී ඇති බවත් මේ දිනවල පවතින උෂ්ණත්වය පහත වැටීම නිසා ඉතිරි සියයට 15 ක් පමණ අඩුවී ඇති බවත් රත්නායක මහතා කීය.

විදුලි ගාස්තු වැඩිවීමෙන් විදුලි පරිභෝජනය අඩුවේ යැයි පොඩි බලාපොරොත්තුවක් තිබෙන බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය.

 



අදහස් (6)

ගාස්තුව වැඩිවීමෙන් පාරිභෝජනය අඩු වෙයි

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 August 2022 09:17 AM

මෙතෙක් පැවැති බොහෝ රජයන් තමන්ට කඩේ ගිය,තම දේශපාලන මතය පැතිරූ අය සුදුසුකම් ඇතත් නැතත්, දේශාපාලන සුදුසුකම් මත රාජ්‍ය ආයතන වලට ගත්තා.එය තමයි තිත්ත ඇත්ත.විදුලිබල මණ්ඩලය සඳහාත් එය එසේම සිදුවුණා.දේශපාලනයට කඩේ ගිය සුදුසුකම් නොමැති බොහෝ අය මේ රාජ්‍ය ආයතන වල සිටිනවා.පෝස්ටර් ගහලා රැකියාවට ගිය අය පාරිභෝගිකයන්ට ගෙම්බර් දාන්නේ, ඔවුන් එතන ඩිරෙක්ටර් ජෙනරාල් කියා හිතාගෙන. මෙවන් සේවකයන් මෙලෝ වැඩක් නොකොට පඩි ගන්නා අවස්ථා තියෙනවා.ඒත් මේ අයට විරුද්ධව වැඩ කරලා නිකන් ලෙඩ දාගන්න උසස් නිලධාරීන් කැමති නැහැ.මෙවැනි සේවකයන්ට වැටුප් ගෙවන ආයතන ලාභ නොලබන එක පුදුමයක්ද? කොපමණ හොරකම් වංචා තිබුණත්, ඒවාට දඬුවම් නැහැ.අවසානයේ ඒවා පියවන්න ලයිට් බිල වැඩිකොට ඒ බර ජනතාව මත පැටවීම තමයි සිදුවෙන්නේ

:       0       25

Prabha Wednesday, 10 August 2022 09:49 AM

මීල වැඩි කරලා පරිභෝජනය අඩු කිරීම යනු ජයක්ද ? මේ වගේ මිනිස්සු තමයි මේ රට නැති කරන්නේ

:       2       29

sharm warnWednesday, 10 August 2022 11:39 AM

තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න- අමාරුම නම් ආපසු අරගලයට එකතු වන්න

:       2       10

Truth Wednesday, 10 August 2022 11:18 AM

මේ පරිභෝජනය අඩු වීමට තවත් එක් හේතුවක්වුයේ ව්‍යාපාර කඩා වැටීමයි. එය කියන්න අමතක වුනාද?

:       0       13

gunda Wednesday, 10 August 2022 12:14 PM

අම්මපා ලයිට්බිල වැඩි කරන්න ජනකයට තිබුණු උණක්... පොරත් කොමිස් කාක්කෙක්...

:       0       4

සිල්වා Wednesday, 10 August 2022 01:12 PM

මිල වැඩි කිරීමෙන් පරිභෝජනය අඩුවේ යයි බලාපොරොත්තු වීම බොලඳ ක්‍රියාවකි. රටකට අවශ්‍යය වන්නේ නාස්තිය පිටුදැකීමයි. නාස්තිය හා දුෂණය නැතිකර මිල අඩු කරන්න කටයුතු කරන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 421 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 864 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site