(ප්‍රසාද් රුක්මල්) 

උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (30) උදෑසන කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

මේ නිසාවෙන් කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනයට ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය බළධාරීන් පැවසූහ.