(අංජුල මහික වීරරත්න)
ගාසා හි ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට සහන සැලසීමට "ගාසා හි ළමා අරමුදල" නිර්මාණය කිරීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.
සියලුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන ඉෆ්තාර් සැමරුම් අත්හැර මෙම අරමුදලට දායක වන ලෙසට නියෝග කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
පීඩාවට පත් දරුවන්ට ආධාර කිරීම සඳහා රජය විසින් ඩොලර් මිලියන 1 ක පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා බෙදා හරින බවද ජනාධිපති කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් දැන් පිනට දෙන්න තියෙන තරමට... ගස්වලින් හැලිලා..!
ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ...!
පිනාට ලංකාවේ දුප්පත් මිනිස්සු කන්න නැතිව දුක් විඳිනවා පේන්නේ නැත්ද? රටෙන් භාගෙකට දෙවේලක් කන්න බැරිවෙලා තියන රටේ ඉඳන් වෙන රටවල්වලට ඩොලර් මිලියන ගණන් ආධාර දෙන එකම විහිළු රට...
ලංකාවේ ළමයි උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙනවා. දුප්පත් මිනිස්සු දිවි නහ ගන්නවා. එදා වේල කන්න-බොන්න විදිහක් නැතිව. ඒ අතරේ අපි එවන ඩොලර් ටික වෙන රටකට පොම්ප කරනවා. මේවාටද රාජ්‍ය පරිපාලනය කියන්නේ?
දැන් සමුළු වලට ගියාම සාක්කුවට අත්දෙක දාගෙන කියන්න දේවල් තියෙනවා නේද?