(ඩයනා උදයංගනී)
උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැතැයි මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රට තුළ ගෑස් හිඟයක් නොමැති බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳ පොළ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.
කොවිඩ්-19 වසංගතයට සමඟාමීව සැපයුම් ජාල අඩපනවීමල විනිමය අනුපාත වෙනස්වීම හා සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමත්ල ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීම සඳහා කරනු ලබන ඉල්ලීම් පිළිබඳවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දැක්වූ අතර එයට ප්‍රතිචාර වශයෙන් අගමැතිවරයා මේ බව පැවසීය.
සහල්ල පොල්ල කිරිපිටිල මාළුලමස්ල බිත්තරල පරිප්පු හා ධාන්‍යල ලොකු ලූණූ හා රතු ලූණුල අර්තාපල්ල එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල වැඩි කරන්නේ නෑ කියලද කිව්වේ..? එහෙනම් දිනෙයි, වෙලාවයි ලියලා තියාගන්න. හත් දවසක්වත් කියපු කතාව පවතින්නේ නැහැ.
පොල් මිල, තෙල් මිල, හාල් මිල, පරිප්පු මිල, බඩු මිල වැඩිකරන්නේ නෑ, භූමදාන කරන්නේ නෑ, ගස් කපන්නේ නෑ, වැලි ගොඩ දාන්න දෙන්නේ නෑ, නිරෝධායනය අයින් කරන්නේ නෑ, දුෂණයට ඉඩ තියන්නේ නෑ, හොරකම් කරන්න දෙන්නේ නෑ, ෂරියා නීති දෙන්නේ නෑ, මද්‍රසා දෙන්නේ නෑ, බුර්කා දෙන්නේ නෑ, නෑ, නෑ මයි. තව නෑ කිව් දේ කොච්චරක්ද අප්පා?
මම නම් කියන්නේ ගෑස් මිල අඩුතරමේ පවතින මිල මෙන් දෙගුණයක්වත් වැඩිකළ යුතුයි කියලයි. අර වනාන්තරවල කපන ගස්වල දර තියනවා. තව අවුරුදු ගාණකට ඇති වෙන්න. ඒ නිසා නැවතත් අපි දර ලිප් ප්‍රයෝජනයට ගැනීම ආරම්භ කළ යුතුයි. රජයට ආදායම් අවශ්‍ය නිසා බඩු මිල වුණත් වැඩි කිරීමේ කිසිදු වරදක් නැහැ. නොකා නොබී හරි ජීවත් වෙන්න අපිට රටක් විතරයි ඕනෑ මහත්තයෝ. මුළු ජාත්‍යන්තරයම අපේ රට මංකොල්ල කන්න බලාගෙන ඉන්නවා. ඔබතුමාලා නැත්නම්.., අපිව කවුද බේරා ගන්නේ? කොහොම හරි ඒ ගැන හිතද්දී රෑට නින්ද යන්නෙත් නැහැ බයටම....
ඔවි පළාත් සබා ළගයිනේ නේද? ඉවර වෙලා ගොඩක් අඩු කරයි අනේ. මේවා කාට කියන්නද ?