
(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ගෑස් සින්ඩරයකින් රුපියල් 2000 ක පාඩුවක් ලබන නිසා ගෑස් මිල කළමනාකරණය කර ලිට්‍රෝ ගෑස් සමාගම රැකගැනීමට කටයුතු කරන්නැයි ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය වෙනුවෙන් එම සමාගමේ ප්‍රචාරණ කළමනාකරු පියල් කොළඹහෙට්ටිගේ මහතා පැවසුවේ පාඩු ලබමින් තව දුරටත් ගෑස් සැපයුව හොත් ලිට්‍රෝ සමාගම තවත් මාස තුනකින් වසා දැමීමට සිදුවන බවත් රටට ඉතුරුව තිබෙන එකම ගෑස් සමාගම බේරාගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත්ය.
මේ වන විට ගෑස් බාමින් තිබෙන නෞකාවෙන් පමණක් ලිට්‍රෝ සමාගම රුපියල් මිලියන 200 ක පාඩුවක් ලැබීම හේතුවෙන් ඉදිරියේදී ආනයනය කරන නෞකාවලින් වන පාඩුව රුපියල් මිලියන 200 ක් ඉක්මවීම අනිවාර්ය බව කී කොළඹහෙට්ටිගේ මහතා කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක වර්තමාන පිරිවැය රුපියල් 4462.25 ක් වුවද එය රුපියල් 2675 කට අළෙවි කරන බව ද සඳහන් කළේය.
ලිට්‍රෝ සමාගම 2021 වසරේ සිට ජනතාවට සහන සැළසීම සඳහා පාඩු ලබමින් ගෑස් ලබාදීම හේතුවෙන් 2021 වසරේ පමණක් රුපියල් කෝටි 1100 ක් අහිමිකරගත් අතරම මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි 100 ක් අහිමිකරගෙන ඇති බවත් වර්තමානය වන විට ආයතනයේ මූල්‍ය තත්වය ඉතාමත් දුර්වල වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
කොළඹ පිහිටි ලිට්‍රෝ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී අද (18) පස්වරුවේ පැවැත් මාධ්‍ය හමුවේදී පියල් කොළඹහෙට්ටිගේ මහතා එසේ පැවසීය.
එම මාධ්‍ය හමුවේදී ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානයේ සභාපති නලීන් සමන්ත සහ එහි භාණ්ඩාගාරික ගයාන් ජයකොඩි යන මහත්වරු ද අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනයනය කරන දේවල් සහන මිලට දෙන එක නම් අන්තිම පිස්සු වැඩක්. වහාම මිල වැඩි කරන්න.
වහලා දාලාම යන්න.
මේ ආයතනය රටටම සාපයක්...!
මේ මොනවා නැති වුණත් ගෙවන්න ඩොලර් අපිට තිබෙනවා...
පහුගිය දවස්වල කැරකෙන පුටු මත වාඩිවී ඩොලර් එක පා කරන්නට යයි... මොර ගෑ ආර්ථික ඔස්තාර්ලා දැන් මේවාට උත්තර දිය යුතුයි...
අර ස්වභාවික ගෑස් නිධියට මොකද වුණේ? බොරතෙලුත් ගන්න පුළුවන් කිව්වනේ...!