(විනීතා එම් ගමගේ)
ගෑස් මිල වැඩිකිරීමට මේ අවස්ථාවේ කිසිසේත්ම අවසර නොදීමට ගෑස් මිල සම්බන්ධව සොයාබැලීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුව අද තීරණය කළ බව එම කමිටුවේ සාමාජික පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
පවතින ගෑස් මිල හමුවේ සමාගම් මුහුණ දී සිටින ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් ලෙස රජය මගින් ගෑස් ගෙන්වා සමාගම් දෙකටම ලබා දීමට තීරණය කළේ යැයි ද අමරවීර මහතා කීය.
එම කමිටුව මෙම තීරණ ගෙන ඇත්තේ ජනාධිපති ලේකම්කාර්යාලයේ දී එම කමිටු රැස්වූ අවස්ථාවේ දීය.
රුපියල් 750 කින් ගෑස් මිල ඉහළ දැමීමට ගෑස් සමාගම් පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ පිළිබඳව සොයා බලා කරුණු ඉදිරිපත් කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල කමිටුව පත් කෙරුණු අතර එහි දී මෙම තිරණ ගෙන තිබේ.
එකී තීරණවලට ගෑස් සමාගම් දෙකම එකගතාව පළ කළේ යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් මිල ගැනත් ඔය ටික තමයි කට පුරාවටම මේ අය කියව කියවා ගියේ. ඔය අය කියන කිසි දෙයක් විශ්වාස කරන්න එපා.
වැඩි කරන්න ඔනි දෙයක් . අපි ඔබට තුනෙන් දෙක දුන්නේ මෙහෙම කරනනද
බොරු කියන්න එපා ....!!!
එහෙනම් ගෑස් සිලින්ඩරය තව පොඩි වෙයි.
අමුතුවෙන් අඩු කරන්න දෙයක් නෑ. සිලින්ඩරේ ප්‍රමාණේ අඩු කරලනේ තියෙන්නේ...
ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගෑස් මිල වැඩිවෙනවා කියන එකයි.
ගෑස් මිලත් අනිවාර්යයෙන්ම වැඩිකළ යුතුමයි. නැතිනම් ඔබලාව පත්කරපු ජනතාවට සෙතක් වෙන්නේ නැහැනේ... !!!
ගෑස් මිල වැඩි නොකර, ගෑස් වල බර අඩුකරනවා. ඒ ක්‍රමය සාධාරණයි නේද ඇමතිතුමෝ?
අනන් මනං කියලා නිකන් පච වෙන්න එපා. ජනතාවට ඇත්ත කියන්න. ගෑස් එන්නේ පිටරටින් රුපියලේ අගය පිරිහිලා නිසා වැඩිමිලක් ගෑස් සඳහා වියදම් වෙනවා. ඒ වගේම අදාළ සමාගම්වල පිරිවැය ඉහළ යාම නිසා ඔවුන්ද මිල වැඩි කරනවා. ඒ නිසා මිල වැඩිකරන්න සිද්ද වෙනවා. එකයි ඇත්ත කතාව. මේ කොම්පැනි ගෑස් ගෙන්වීමෙන් ඉවත් වුනොත් අපි මොකද කරන්නේ? .