(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජුනි 11 දා සිට අගෝස්තු මුල් සතිය දක්වා ගෑස් මෙට්‍රික් ටොන් තිස්තුන් දහසක් ලැබීමට නියමිත බැවින් දැනට පවතින ගෑස් හිඟය ජුනි අවසන් වන විට හෝ අගෝස්තු මුල් සතිය වන විට පහව යනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ජුලි 11 හෝ 12 වැනිදා සිට දිවයින පුරා ගෑස් සිලින්ඩර 112000 ක් අඛණ්ඩව දෛනිකව බෙදාහැරීම ආරම්භ කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ජුලි 11 සහ 12 දිනවල කොළඹ නගරයේ ස්ථාන 140ක දී ගෑස් බෙදා හැරීමට සැලසුම් කර තිබෙන අතර එ් සෑම ස්ථානයකටම කිලෝ ග්‍රෑම් 12 සිලින්ඩර 100 බැගින් සිලින්ඩර එක්ලක්ෂ හතලිස් දහසක් දින දෙකක් තුළ බෙදා හැරීමට සැලසුම් කර තිබෙන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.
පසුව කොළඹ නගරයේ දෛනික අවශ්‍යතාවය වන කිලෝ ග්‍රෑම් 12 ක සිලින්ඩර 25,000 බැගින් නිකුත් කරන්නට කටයුතු කරන අතර බේකරි හා සුළු පරිමාණ ව්‍යාපාර සඳහා ගෑස් නිකුත් කිරීම ද මීට සමගාමීව සිදු කිරීමට කටයුතු කර තිබෙන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මේ සියලු කරුණු කාලගුණය හා මුහුදේ ස්වභාවය අනුව වෙනස්කම් වලට ලක් වෙන්න පුළුවන් නමුත් ඉදිරි මාස 4 ක කාලයක් ගෑස් හිඟයකින් තොරව දෙන්නට හැකි බව තම විශ්වාසය බවද අග්‍රාමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කොහොම හරි මේ ගැටළු විසඳන බව දන්න නිසා තවත් ඉවසීමෙන් ඉන්නේ...
එහෙනම් කොහොමද ඉදිරි මාස 2 අමාරු කාලයක් වෙන්නේ? ගෑස් සහ ඉන්ධන ලැබුණොත් ජනතාවට පොඩි සහනයක්...!
ඒ ගෑස් නැව් එන්න කළින් ගෝඨාභය යවාගන්න වෙන්න ඇති මෙයා ගෝලයින් දමලා හූ කියන්නේ..?
අමාරු කාලයක් වෙන්නේ ගෑස් සිලිංඩරයේ මිලයි. මිල ගැන කියනනේ නෑනේ.
ගෑස් බෙදන්න මොන ප්ලෑන් ගැහුවත් චොප්පේ අයියලාට ඔන විදිහට තමි ඒ තැන්වල ගෑස් බෙදන්නේ...?