IMG-LOGO

ගෑස් පොලිසියෙන් බෙදයි

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම පොලිසිය හරහා හෙට (13) දිනයේ ක්‍රියාත්මක කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

එහි පළමු පියවර ලෙස කොළඹ නගර සීමාවට ගෑස් 15,000 ක් හෙට නිකුත් කිරීමට නියමිත බවත් එම ගෑස් පොලිසියේ මැදිහත්වීමෙන් බෙදාහරින ආකාරය පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් එම නිලධාරියා කීය.

ලිට්‍රෝ සමාගමේ ගෑස් ලොරි රථවලින් ගෑස් අදාල ප්‍රදේශවල ක්‍රීඩාංගණ වෙත ගෙන ගොස් පොලිස්යේ සෘජු මැදිහත් වීමෙන් අළෙවි කිරීමට සැළසුම් කර ඇති බව කී එම නිලධාරියා සඳහන් කළේ මීට පෙර ද පොදු ක්‍රීඩාංගණවල ගෑස් නිකුත් කර ඇති බවත්ය.

කොලඹ ආමර්වීරිය ප්‍රදේශයේදී පසුගිය සතියේ ගෑස් මංකොල්ලකෑමේ සිද්ධියක් ද වාර්තා විය.

 



අදහස් (1)

ගෑස් පොලිසියෙන් බෙදයි

චින්තක Thursday, 12 May 2022 06:08 PM

පසුගිය 9 වෙනිදා මැරයින් අරලියගහ මැදුරේ සිට ගෝල්ෆේස් දක්වා එනවිට නිර්පාක්ෂික නිරායුධ පිරිසට පහරදෙනවිට පොලිසියට නොතිබුණු ගෑස් මෙපමණ ඉක්මණින් ලැබුණේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 86 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 520 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 949 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site