
(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවකට ඉතිරි ඩොලර් මිලියන 2.5 ගෙවීමට එම සමාගම අද (9) පස්වරුව දක්වා අපොහොසත්වීමෙන් ගෑස් ගොඩබෑමෙන් නොහැකි වී තිබේ.
මෙම ගෑස් රැගත් නෞකාව කොළඹට ඊයේ (8) පෙරවරුවේ ළගා වූ අතර දිනකට අධික කාලයක් ගතවී තිබුණ ද එය නිදහස් කරගැනීමට බලධාරීහූ අපොහොසත්ව සිටිති.
ලිට්‍රෝ සමාගම අද දිනයේ ද ගෑස් බෙදානොහැරීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.
ලිට්‍රෝ සමාගම අඛණ්ඩව දින හතරක් ගෑස් බෙදානොහැරීම ගෑස් ලබාගැනීමට ජනතා පෝලිම් දිගු වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල පාරිභෝගිකයෝ දින පහක් පෝලිමේ රැදී සිටින බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd